ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ජනතාවට කලබලයක් හෝ භීතියක් ඇතිව නොමැති අතර බයට පත්ව සිටින්නේ, කලබලයට පත්ව සිටින්නේ හොරු, වංචනිකයින්, අපරාධකරුවන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර පනාගොඩ පවසයි.
මෙය අලුත් දෙයක් නොවන හෙයින් මහින්ද රාජපක්ෂ මහත්මයාටද කලබලයක් නොමැතිව තමන් යමක් කළාද නොකළාද යන වග අදාළ ආයතන වෙත කටඋත්තර දීම බව මන්ත්රීවරයා සඳහන් කරයි.
කෙසේවෙතත් හොරු, අපරාධකරුවන් ආරක්ෂා කරගැනීම ජනතාවට අවශ්ය නොවන බවයි ඔහු කියා සිටින්නේ.
ජනතාවගේ ජීවිත සුරක්ෂිත අතර ජනතාවට ප්රශ්නයක් නොමැති බවත් ආණ්ඩුවද ජනවරම රකිමින් කටයුතු කරමින් සිටින බවද ඔහු පවසයි.


