කපිල චන්ද්‍රසේන කියන්නේ චූදිතයෙක්. ඔහු ආරක්ෂාවක් ඉල්ලලා තිබුණේ නැහැ (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: කපිල චන්ද්‍රසේන සාක්ෂිකරුවෙක් නොව ඔහු චූදිතයෙක් වන අතර ඔහු කිසිදු අවස්ථාවක ආරක්ෂාවක් ඉල්ලා නොතිබුණු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.

යම් හෙයකින් ඔහු ආරක්ෂාවක් ඉල්ලා සිටියේ නම් එය ලබා දීමට හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්වීමේන් ඒයා බස් ගණුදෙනුවේදී සිදූවී ඇතැයි කියන වංචාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී රාජපක්ෂලාට වාසි වන බවයි අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ.

විදේශීය අධිකරණයකදී මෙම ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියට කපිල චන්ද්‍රසේන වරදකරුවෙක් වී සිටි අතර එම ගනුදෙනුව පිළිබඳ මෙරට අධිකරණයේ කටයුතු සිදුවෙමින් පවතින අතර මරණය සිදු වූ බව පවසන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සඳහන් කරන්නේ චූදිතයෙකුට ඉල්ලීමකින් තොරව ආරක්ෂාව ලබා දීමේ ප්‍රතිපාදනයක් නොමැති බවයි.

දුෂණ වංචා පැවති යුගයක එහි මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කළද මෙලෙස මරණයක් සිදුවීම නොවිය යුතු දෙයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා රැසක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද...

Litro වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: තවත් ගෑස් තොගයක් ඊයේ(03)...

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ...