කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට !

කඩුවෙල නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය විසින් ඊයේ (10) අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂලට පහරදීමේ චෝදනාව මත ය.

2022 මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව සිදුවූ ප්‍රතිප්‍රහාරයේදී බේරේ වැවට ඇද දැමුණු චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළකිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් වශයෙන් තමන්ට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි පියත් නිකේෂල පවසන්නේ.

චන්දික අබේරත්න ඇතුළු පිරිසක් විසින් ඊයේ (10) සිදුකළ මෙම පහරදීම සඳහා මන්නයක් ඇතුළු තියුණු ආයුධ භාවිතා කළ බවත් පියත් නිකේෂල පැවසූ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාසය ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...