සටහන – රෂිකා හෙන්නායක
මැයි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විවෘත ආර්ථිකය ගෝලීය වශයෙන් හඳුන්වා දුන් මාග්‍රට් තැචර් වෙනුවෙන් ලෝකයම අත්පොලසන් දෙන විට ශ්‍රී ලංකාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමටවත් ඉඩ නොදුන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර හම්බන්තොටදී පවසයි.
.
සියල්ලන් ඉදිරියේ ඇති අභියෝගය රට ඉහළට ගැනීම වන අතර එම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එක් වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙනසුරාදා (11) අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වුණු ‘ජයගමු ශ්‍රී ලංකා – ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට සහභාගි වෙමිනි.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන දේශපාලන නියෝජිතයින් සහභාගි වූ සභාව අමතමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අපිට රස්සාවල් නෑ, බිස්නස් එකක් පටන්ගන්න බෑ. අමාරුයි. මේවා නේද අපේ හිත්වල තියෙන්නේ? ඇත්තටම රටේ රස්සාවල් ගොඩක් තියෙනවා. හැබැයි අපි ඒකට ගැලපෙන්නේ නෑ. පෞද්ගලික රස්සා ගැන පත්තරේ දැන්වීම් ගියාට අපිට ඒ ජොබ්වලට යන්න බෑ. සුදුසුකම් ඉල්ලනවා. සංචාරක කර්මාන්තය ගැන දෙයක් හිතුවොත් අපිට සල්ලි නෑ. අත්දැකීම් නෑ. අලුත් වැඩ ලෝකෙට ගිහින් රට දියුණු කරන්න නම් අපේ මානව ප්‍රාග්ධනය ශක්තිමත් වෙන්නම ඕන. අලුත් ලෝකයට ගැලපෙන විදිහට යන්නම ඕන. ඒකට සම්බන්ධ කරන එක තමයි අපි මේ වැඩෙන් කරන්නේ.
අපි කොහොමද අමාරුවෙ වැටිච්ච වෙලාවක පටන්ගන්නේ. මේක වෙනස් කරන්න අපි කොතනින් හරි පටන්ගන්න ඕනේ. මේ වැඩසටහන් පටගන්න කොට 225ම එපා කියලා අවුරුද්දකට කලින් ජනප්‍රිය මතයක් හදලා තිබුණා. අන්තිමට 225ම එපා කියලා, කැම්පේන් කරලා අපි ලොකු අමාරුවක වැටුණා. ඊට පස්සේ ලොකු අර්බුදයකට මුහුණ පාලා රට භාරගන්න කිව්වමහම ගොඩක් අය භාරගත්තේ නෑ. ඒ සිස්ටම් එක ගැන කාටවත් අවබෝධයක් තිබුණේ නෑ. කයිය ගැහුවට සිස්ටම් එක ගැන අවබෝධය නැත්නම්, මේක ගොඩ නගන්නේ කොහොමද කියන අවබෝධය නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. හොඳ විවේචකයෝ දැන් ඉන්නවා. හැබැයි විවේචකයෝ කියන්නේ වැඩකාරයෝ නෙවෙයි. චිත්‍රපට බලලා විචාර ලියන අය ඕන තරම් හිටියට ඒ අයට චිත්‍රපට හදන්න බෑ. වැඩ කරන්න අපි පටන්ගන්න ඕන. රට අමාරුවේ වැටිච්ච වෙලාවේ මම හිටියේ විපක්ෂේ. සැරට රාජපක්ෂලාට, අමරවීරලාට, චානකලාට ගහනවා. කංචනලා එක්ක ගහගන්නවා. ඒ ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයටත් ඇටෑක් එකක් දෙනවා. එහෙම තියෙනකොට රට ගිනි ගත්තා. රට වැටුනා. තෙල්, බෙහෙත්, ගෑස්, බෙහෙත් නැති වුණා රටට. අම්මලා තාත්තලා බෙහෙත් නැතිව කීයක් මැරුණද සංඛ්‍යා ලේඛනයක්වත් නෑ. මම අභියෝගයක් ගැනීම ගැන අතරමං වුණා. දරුවො මැරෙනවා ඉස්පිරිතාලේ බෙහෙත්, වැක්සීන් නැතිව. හෙට මගේ දරුවට වෙන්න පුළුවන්. මෙහෙම විපක්ෂයේ වේදිකාවල ජනප්‍රිය කථිකයෙක් වගේ කෑ ගහ ගහ ආණ්ඩුවට උඹලයි වැට්ටුවෙ කියලා විවෙචනය කරගෙන ගියොත් අපි හරිද? අපිට තිබුණා ජීවිතය ගැන ප්‍රශ්නයක්. ගෙවල් ගිනි තියනවා.
මිනිස්සු ජීවිත නැති කරලා දානවා. අපි හැංගිලා වාහනවල යන්නේ. නමුත්, මිනිස්සු මැරෙනකොට විපක්ෂයේ කෑ ගහනවට වඩා හොඳයි අභියෝග භාරගන්න එක කියලා අපි අභියෝගය භාරගත්තා. බෙහෙත් නැති වෙද්දි ලංකාවට කවුරුත් ඩොලර් එවන්නේ නෑ. රට වට්ටන්න, ඩොලර් එවන්න එපා කියන වෙලාවක අපි අපේ මිතුරන්ගෙන් සල්ලි එකතු කරලයි දැන්වීම් කරන්න රටට සල්ලි ගෙනාවේ. මේ තත්ත්වය ඇති වෙනවා කියලා අපි කිව්වේ 2019 අග හෝ 2020 මුල. ඊට පස්සේ රට අවුලට ආවා. අපි කරන්න ඕනේ කෑගහන එක නෙවෙයි. අපි වැඩ කරන්න පටන්ගත්තා. රටේ අර්බුද ඇති වෙද්දි ගොඩක් අය පැනලා ගියා. දැන් කතා කරන අයත් ආවේ නෑ. අපේ රට ගිනි ගනිද්දි රටේ තරුණයොත් පැනලා රට යන්න පටන්ගත්තා.
නිදහස් අධ්‍යාපනය ලැබූ අය රට දාලා ගියා. රට ගිනි ගනිද්දි අපි ගිනි නිවන්න එකතු වෙන්න ඕන. එතනදි මතවාද හදලා තිබුණේ රට හැරලා යන්න. පස්සේ ඩුබායි වංචාවලට අහු වෙලා, ඒවායේ පිළිකනුවල ඉන්නකොට තමයි අපි ‘විසිට් වීසා’ ගැන දැන්වීම කළේ. ඉන්පස්සේ ඩොලර් ටික එන්න පටන්ගත්තා. අපිට කම්කරු නීති වෙනස් කරන්න කටයුතු කළා. ගුවන්තොටුපලේ විශ්‍රාම වැටුප දුන්නා. විගමනික ශ්‍රමිකයන්ට සහාය දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවට එක්සත් ජාතික මිනිස්සු හැදුවා. ‘ගරුසරු’ වැඩසටහන හැදුවා. අපිට ඉන්නේ අපි විතරයි. වඳ කොත්තු කියලා ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්න කටයුතු කළා අපිට මතකයි. නමුත්, අපි ජාති භේදයක් නැතිව අපි එකතු වෙන්න ඕනි කියන වැඩපිළිවෙළ හැදුවා. අනාගත රට භාරගන්න කණ්ඩායම ශක්තිමත් කරන්න ස්මාට් යූත් හැදුවේ. දිගට යන ගමනක් ආරම්භ කළේ ඒකට.
අපි දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තු තීන්දු එක්ක එකතු වෙලා රට වෙනස් කරමින් ඉන්නවා. හැබැයි අපි කියෙව්වේ නෑ. ඕගොල්ලෝ බලන්න ගම්වල ඉන්න කයිවාරුකාරයෝ.
බිස්නස් කරනවා කිය කිය ඉන්නවා මිසක් ජීවිතේට බිස්නස් කරන්නේ නෑ. කොරෝනාවලට කලින් තත්ත්වය බලන්න. එක කයියනායක කෙනෙක් කියනවා දුරකථන අලුත් බ්‍රෑන්ඩ්වලට යන්න බෑ කියලා. මිනිස්සුන් බොහෝ වත්කම්, වාහන බොහෝ තිබුණා. කොරෝනා සමග ලෝක ආර්ථික අර්බුදයක් ආවා. ලෝකෙම කඩාගෙන වැටුනා. ඒකේ කොටසක් ලංකාවටත් ආවා. මේ සියල්ල වෙනස් කරන විවෘත ආර්ථිකය 1977දි තමයි ජේ.ආර්. ජයවර්ධන ලංකාවට ගේන්නේ. ලෝකෙට විවෘත ආර්ථිකය 1980දි මාග්‍රට් තැචර් ගේනවා. ලෝක විවෘත ආර්ථිකය වෙනුවෙන් හැමදාමත් ප්‍රශංසා කරන්නේ, අත්පොලසන් නාද මාග්‍රට් තැචර්ට. ජේ.ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයට පටන්ගත්තා කියලවත් ඉස්සරහට යන්න දුන්නේ නෑ. මොකද, යූඑන්පී නිසා. යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී කියලා අපි කොටු වෙලා. රටයි අපිට ඉස්සරහට තියෙන අභියෝගය. ඒ අභියෝගය ජයගන්න තමයි අපි එකතු වෙලා තියෙන්නේ. හැම තිස්සේම අභියෝගය ජයගන්න හදනකොට බිල්ලො හදනවා. අපි මේක වෙනස් කරන්න නම් ජනතාව වෙනස් වෙන්න ඕන. අපි වෙනස් වෙලා මේ ගමන ඉස්සරහට යන්න ඕන. සිස්ටම් චේන්ජ් එක කරන්න අපි වෙනස් වෙලා ඉස්සරහට යන්න ඕන. ඒකට ජාතික සමගිය අපි හදාගන්න ඕන. අපි නැගිටින්න නම් අපේ මූල්‍ය විනය හදාගන්න ඕන. ආර්ථික වශයෙන් අපිට තියෙන ගාණට වැඩ කරන්න ඕන. ඒ ගැන උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. හැත්තෑපස් වසරක අවුලට චෝදනා කිරීමත් මතවාදයක්. මේ හැත්තෑපස් වසරට මුකුත්ම වෙලා නැද්ද? ඒ මුළු කාලයටම කියලා තියෙන්නේ දියව් දියව් කියලා.
කරමු කරමු කියලා කියා නෑ. අපි කියන්නේ අපි හැ,මෝම එකතු වෙලා කරමු. ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගිහින් 60,000ක් මරලා දැන් ආයෙත් ඉන්දියාවට යනවා. තරුණයො වැරදි මතවාදවලට ගියොත් ඉතිහාසයේ වගේ අනාථ කරලා දාන්න පුළුවන්. අපි එකතු වෙලා මගෙන් පටන්ගෙන, වෘත්තීය පුහුණුවක් කරගෙන ඔබ සූදානම් කරන එකයි අපේ වැඩපිළිවෙළ වෙන්නේ.”