දණහිසෙන් පහළට කතාවක් නෑ, අපි පුහුණුවෙලා තියෙන්නෙ හරියට ඉලක්කයටම වෙඩි තියන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

අපරාධයක් සිදුවන කුමන අවස්ථාවක හෝ එම අපරාධය වැළැක්වීම සඳහා හෝ ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබීමට පොලීසියට බලය තිබෙන බවත්, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් ගිනිඅවි භාවිතා කිරීම සඳහා පොලීසියට අමතර බලයක් ලබා දී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ දණහිසෙන් පහළට පමණක් වෙඩි තැබිය යුතු බවට කිසිදු නීතියක් නොමැති බවයි. එය සමාජය තුළ නිර්මාණය වූ මතයක් බවත්, ඊට කිසිදු පදනමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

පොලිස් නිළධාරීන් පුහුණු කර තිබෙන්නේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට නොව, ඉලක්කයට නිවැරදිව වෙඩි තැබීමට බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...