දණහිසෙන් පහළට කතාවක් නෑ, අපි පුහුණුවෙලා තියෙන්නෙ හරියට ඉලක්කයටම වෙඩි තියන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අපරාධයක් සිදුවන කුමන අවස්ථාවක හෝ එම අපරාධය වැළැක්වීම සඳහා හෝ ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබීමට පොලීසියට බලය තිබෙන බවත්, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් ගිනිඅවි භාවිතා කිරීම සඳහා පොලීසියට අමතර බලයක් ලබා දී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ දණහිසෙන් පහළට පමණක් වෙඩි තැබිය යුතු බවට කිසිදු නීතියක් නොමැති බවයි. එය සමාජය තුළ නිර්මාණය වූ මතයක් බවත්, ඊට කිසිදු පදනමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

පොලිස් නිළධාරීන් පුහුණු කර තිබෙන්නේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට නොව, ඉලක්කයට නිවැරදිව වෙඩි තැබීමට බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...