බස්නාහිර පලාතේ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසන අතර ,  තම නිලධාරීන් දීප ව්‍යාපත්ව කළ සමීක්ෂණවලදී මෙම කරුණු අනාවරණ වූ බව එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය .

මදුරු කීට ඝණත්වය මැන බලන බිටෝ දර්ශකයේ අගය බොහෝ ප්‍රදේශවල ඒකක 20 ඉක්මවන බවත්,  ඩෙංගු මදුරුවන්ගේ  ගහනය පාලනය සඳහා බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුව ද ඒවා අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වී නොමැති බවත් , නජිත් සුමනසේන මහතා අවධාරණය කරයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,000 ඉක්මවා ගොස් ඇති අතර ඉන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම භයානක තත්ත්වයක් බව පෙන්වා දෙන අතර ,ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ජනතාවට ඇත්තේ විශාල කාර්ය භාරයක් වේ.

තම අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කළ හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...