*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රනිල්ද නැත්නම් අනුරද ?

ගෝල්ෆේස් ආරගලය කියන්නේ අපේ රටේ ජනතාවට ඉමහත් ආස්වාදයක් ගෙනත් දුන්න ජනතා නැගිටීමක්.පාලකයන් බය බිරාන්ත වෙලා පැනලා දුවන හැටි අපේ ඇස් පනාපිට දැක්කා.දැන් ආයෙත් බෙල්ලට ඇවිත් තියන සාටක පැදුරු අස්සේ හංගලා තිබුණේ.ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ උනත් රටේ පෙලගැහුණු තත්වයන් එක්ක සටන් පෙරමුණු ගනනාවක් නිර්මාණය වෙලා තිබුණා.විපක්ෂයේ භූමිකාව සංවිධානාත්මක එකක් නූනත් ඒක සක්‍රීය එකක් විදිහට තිබුණා. ආණ්ඩුව කෙසේ වෙතත් රනිල් මුලදී විපක්ෂයේ ප්‍රති විරෝධයට ශක්තිමත්ව මුහුණ දුන්නා.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ විපක්ෂයවත්,රනිල්වත් හරිදේ කළා කියලා.හරි හෝ වැරදි සක්‍රීය දේශපාලන භූමිකාවකට දෙපැත්තම පණ දුන්නා.

හැබැයි දැන් ඒ සක්‍රීය දේශපාලනය එක පාරට ඝනීභූත වෙලා.පක්ෂ, විපක්ෂ ක්‍රියාමාර්ග එකතැන පල්වෙනවා.දැන් පෙරමුණේ සටන්කරුවෙක් නෑ.ඊළගට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑ.ඒක නිසාම එයාලගේ ක්‍රියාමාර්ග ගැන මත දැක්වීම් නෑ. ජවිපෙ උනත් එක තැන හිරවෙලා, සජිතුත් එහෙමයි.පොහොට්ටුව උණ විකාරෙන් දොඩවනවා වගේ.සාගර කාරියවසම් බැසිල් කියනදේ ගිරාපොතකයෙක් වගේ කියවනවා. එජාප කට්ටිය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතා කරන්න පටන් අරන්.එකම පක්ෂයේ කට්ටිය එකම කාරණය ගැන කියන්නේ මත දෙකක්.කාටවත් නිශ්චිත මතයක් නෑ.දේශපාලන පක්ෂවල මාධ්‍ය සාකච්ඡා හරියට ඔව්,නෑ,බෑ තරඟ වගේ.ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දෙන්න බැරි තරමට දේශපාලන නායකයෝ අසරණ වෙලා.ඒකෙන් තේරෙන්නේ රටේ නිර්මාණය වෙන තත්වයන් තේරුම් ගන්න බැරිව එයාලා වික්ෂිප්ත වෙලා කියලයි.

හෙට දවසේ මොනවගේ තත්වයක් නිර්මාණය වෙයිද කියලා හිතා ගන්න බැරිව එක එක මනෝ විකාර ඇතුලේ ජීවත් වෙන තැනට දේශපාලන නායකයෝ පත්වෙලා. ගොඩක් දෙනෙකුට ජනාධිපති හීනය ඔළුවට ගහලා.ජනතාව හෙට ගැන විශ්වාසයක් නැති, විශ්වාසය කරන්න පුළුවන් කදවුරක් නැති,අතරමං උන තත්වයකට පත්වෙලා.ජනතාවට බලාපොරොත්තුවක් නෑ.ජනතාවට බලාපොරොත්තුවක් හදන්න ආණ්ඩුව අසමත් වෙලා.අඩුම ගානේ රනිල්ට ආණ්ඩුකාරවරු ටික අයින් කරගන්න බෑ කියන්නේ මාර අවුලක්.දැන් රනිල් ඒ ගැන සද්දක් නෑ.රනිල් පහුගිය කාලේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට,වෘත්තීය සමිතිවලට,ශිෂ්‍ය සංගම්වලට,විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් තඟ දාලා ප්‍රශ්න බේරගත්තා. හැබැයි ආණ්ඩුකාරවරුන්ට තඟ දාලා ඉල්ලා අස්කර ගන්න රනිල්ට බෑ.රනිල්ට ව්‍යවස්ථානුකූලව ඒක කරන්නත් බෑ.හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා කියන්නේ ආණ්ඩුකාරවරු අයින් කරන්න ජනාධිපතිට බලයක් නෑ කියලා.

මේ යන විදිහට දැන් තියන අර්බුද මදිවට ව්‍යවස්ථා අර්බුයකුත් නිර්මාණය වෙන්න බැරි නෑ.රනිල්ට ඕනි විදිහට ආණ්ඩුව හසුරවන්න පොහොට්ටුව දෙන්නේ නෑ.බැසිල් කකුල් මාට්ටු දානවා.ජනාධිපතිට ඕනි කැබිනට් එකක් පත් කරගන්න බෑ.ජනාධිපතිට ඕනි ආණ්ඩුකාරවරු පත් කරගන්න බෑ.මහ ලොකුවට ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ අභිමතය කියලා එකක් ගැන කියනවා.දැන් ඒවා ඔක්කොම කැලේ.ඇත්තටම දැන් මේ රට ඇවිත් තියෙන්නේ තවත් නරකම අරාජික තැනකට.මේ අරාජිකත්වය වහාම වෙනස් කරගත්තේ නැත්තං මේක තවත් නරක අන්තයකට තල්ලු වෙලා,තවත් ඛේදවාචකයකින් කෙලවර වෙන්න පුළුවන්.මොකද දැන් ජන මනස ඇතුලේ නිර්මාණය වෙමින් තියෙන්නේ කවුරුවත් විශ්වාස නැති තත්වයක්. ජනාධිපති,ආණ්ඩුව,විපක්ෂය, දේශපාලන පක්ෂ විශ්වාස නොකරන ජනතාව ඕනිම බිහිසුණු වැඩකට මෙහෙයවන්න පුළුවන්. ඒකයි රටේ රාළ මේ අවුරුද්ද අවසානයේ රටේ සිද්ධ වෙන බරපතල නොසන්සුන්තාවයක් ගැන දිගටම අනතුරු අඟවන්නේ.

මේ යන විදිහට තවත් ජනතා නැගිටීමකට අවශ්‍යය තත්වය නිර්මාණය වෙමින් තියනවා. මෙතනදී රනිල්ට විශේෂ වගකීමක් තියනවා මේ අවිනිශ්චිතකම, අරාජිකත්වය නිර්මාණය වෙන එක වහාම නතර කරන්න අවශ්‍ය පියවර ගන්න.රනිල් මේ වෙලාවේ බබා වෙලා හරියන්නෙ නෑ. උදාහරණයක් ගත්තොත් X press parl නැවේ වන්දි සිද්ධියට අදාලව පාර්ලිමේන්තු ව්වාදය ගන්නකෝ.ආණ්ඩුව ඒකට ව්වාදයක් දුන්නේ සෑහෙන්න කල් ඇදලා.තටමලා,තටමලා.දැන් ඒ ගැන වන්දි නඩුවක් සිංගප්පූරු අධිකරණයේ ෆයිල් කරලා තියනවා. විජේදාස රාජපක්ෂ කියනවා එහෙම නඩු කටයුත්තක් තියෙද්දී පාර්ලිමේන්තුවේ ඒ ගැන විවාද කිරීම සදාචාරාත්මක නෑ කියලා, ඊළගට ඒක නීති විරෝධී කියලා. ඉතින් යකෝ එහෙනං ඔය විවාදය නඩුදාන්න කලින් දෙන්න ඕනිනේ. නඩුවට කලින් විවාදය නොදීමයි සදාචාරාත්මක නැත්තේ.මේ කරන්නේ ආරාජිකත්වය හිතාමතා නිර්මාණය කිරීම නෙවෙයිද?ජනතාව තුල අවිශ්වාසය ඇති කිරීම නෙවෙයිද?

විජේදාසත් තමයි X press parl නැවේ වන්දි වංචා කරන අය ගැන පාර්ලිමේන්තුවේ කතා කළා.ඒ ගැන CID යට පැමිණිලි කළා.දැන් විජේදාසම ඒ විවාදයට හරස් කපනවා.එහෙම ගැටලුවක් එන්න ඉස්සෙල්ලා විවාදය අරන් දෙන එක විජේදාසගේ වගකීමක් නෙවෙයිද?ඔය වගේ බාල වැඩ ගොඩක් විජේදාස පහුගිය කාලේ කළා. ඇත්තටම ඔයාලම කියන්නකෝ මේක මහ විකාරරූපී ආණ්ඩුවක් නෙවෙයිද කියලා.මේවා තව කොයිතරම් දුරට ජනාතාවට ඔරොත්තු දෙයිද?තවමත් සිද්ධ වෙන්නේ හොරු රකින එක නෙවෙයිද?එතකොට හොරු ගැන හෙලිදරව් වෙන එක නවත්තන්න හදන්නේ රටේ අධිකරණ ඇමති නෙවෙයිද?ඇත්තටම මේක පිස්සුවක්.ආණ්ඩුවත් හොරු රකිනවා,විපක්ෂයත් හොරු රකිනවා.දැන් විපක්ෂය බලාගෙන ඉන්නේ තොපි කෙලව ගනිල්ලා කියලයි.එහෙම කෙලවගන්නකොට අපිට තමයි පොට පෑදෙන්නේ කියලා එයාලා හිතනවා.ආණ්ඩුව දුර්වල වෙන තරමට එයාලගේ කල්ල මරේ කියලයි එයාලා හිතන්නේ.පොට පෑදීම කෙසේ වෙතත් වෙන්නේ ඔය කාගේත් පොට යන එක නං අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. විපක්ෂය හිතනවා නම් මේ කඩාවැටීම විසින් එයාලට අවශ්‍ය විදිහට සියලුදේ වෙයි කියලා ඒක මුලාවක්.

මෑත කාලීනව සිද්ධ වෙචීචි කඩාවැටීම් වලින් අපි සියලු දෙනාටම තියෙන්නේ පරාජයක්.අපි පක්ෂ,විපක්ෂ විදිහට කොහොම බෙදිලා හිටියත් අවසාන විග්‍රහයේදී අපි කාටත් අත්වුනේ පරාජයක්.කඩා වැටෙන හැම සන්ධිස්ථානයකදීම හොඳමදේ වෙන්නේ නෑ.කඩා වැටීම විසින් එන ප්‍රතිපලය තිබුණාට වඩා විනාශකාරී එකක් වෙන්න පුළුවන්. අපේ වගේ බංකොලොත් රටකදී ඒක තමයි ඇත්ත.ඒ තත්වය නිවැරදිව දකින නිසා තමයි රටේ රාළ දිගටම පක්ෂ,විපක්ෂ හැමදෙනාටම යෝජනා කරන්නේ පොදු එකඟතාවයකින් වැඩ කරමු කියලා.ඒත් කවදාවත් වෙන්නේ නැතිදේත් ඒක තමයි.ඒක කරන්න පුළුවන් තරමට කිසිම පක්ෂයක්, සංවිධානයක් ඒකමතියක නෑ.කිසිම දේශපාලන පක්ෂයකට ඒ ධෛර්යයක් නෑ.මෙතනදී පළවෙනි ඇගිල්ල දික්වෙන්නේ රනිල්ට.රනිල් ඒ නිවැරදි ප්‍රවේශය ගන්නේ නෑ.ඒ වෙනුවෙන් මූලිකත්වය දෙන්න පුලුවන් හැකියාව තියන බලවේග සහ කණ්ඩායම් රනිල්ගේ හැසිරීම ඉස්සරහා දුර්මුඛ වෙනවා.රනිලුත් කරන්නේ ඔහේ යන එක විතරයි. ඔහොම ගිහින් රැල්ල හැදෙයි කියලා රනිල් හිතනවද දන්නේ නෑ.

ඇත්තටම රනිල්ට රැල්ලක් හැදෙන්නේ නෑ.හැබැයි රනිල්ට අවස්ථාවක් තිබුණා.තවමත් තියනවා.ඒත් දැන් ඒක වේගයෙන් ගිලිහෙමින් යනවා.රනිල්ට ලැබුණ අවස්ථාව නිවැරදිව ආයෝජනය කරගන්න රනිල්ට තවමත් බැරි වෙලා තියනවා.බැසිල් මොනම උත්සාහය දැරුවත් පොහොට්ටුවට නං ආයෙත් මේ රටේ ජනතාව අවස්ථාවක් දෙන්නේ නෑ. රාජපක්ෂලා දේශපාලන වශයෙන් කපෝතිම තමයි.විපක්ෂය පැත්ත බැලුවත් ශ්‍රිලනිපයට ආයෙත් අවස්ථාවක් එන්නේ නෑ.කාගේ හරි වලිගයක් වීම හැර ශ්‍රිලනිපයට දැන් වෙන උත්තරයක් නෑ.සජබයටත් ඒ අවස්ථාව එන්නේ නෑ.දවසින් දවස සජබය දුර්වල වෙනවා.ජාතික ජන බලවේගය කෙසේ වෙතත් ජවිපෙට මේ නිර්මාණය වෙන අවස්ථාව ගන්න පුළුවන්කම තියනවා.ඒ හැකියාව සහ සංවිධානාත්මක බව ජවිපෙට තියනවා.ඒත් ජවිපෙ දේශපාලන උපක්‍රම තවමත් තියෙන්නේ ඉතා නොදියුණු මට්ටමක.වැඩවසම් උද්දච්චකම ජවිපෙ ඇතුලේ මුල් ඇදලා. මූලධර්මවාදය සහ ප්‍රචන්ඩත්වය ජවිපෙ ඇතුලේ තියන නිදන්ගත රෝගයක්.ඇත්තටම ජවිපෙ නිවැරදි දේශපාලන ස්ථාවරයක හිටගන්නවා නම් ඒ අවස්ථාව ජවිපෙට ගන්න පුළුවන්.සජබයේ දුර්වලකම විසින් ජවිපෙටත් ඒ අවස්ථාව විවෘත වෙමින් තියනවා.

තවමත් උත්තරය රනිල්ද නැත්තම්, ජවිපෙද කියමින් ප්‍රශ්නය අතර ජනතාව දොලනය වෙමින් ඉන්නවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan