*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා අමාත්‍යංශය අධිකරණයට බොරු කිව්වද…?

රගර් සම්මේලනය විසුරුවා හැර ස්ථාවරකරණ කමිටුවක් පත් කිරිමට එරෙහිව හිටපු පරිපාලනය විසින් පනවා ඇති නඩුව ඊයේ කැඳ වූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් පෙනි සිටින නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ තමන්ට මැයි 8 වන දා ට භාර දෙන ලෙස අධිකරණය විසින් දැන් වූ තොරතුරු මැයි නව වෙනිදා භාර දීමට කටයුතු කළ බවය.

නමුත් පැමිණිළි පාර්ශවයේ නීතිඥයන් කරන ලද පරික්ෂා කිරීමකදී මැයි 10 වන දිනයේ අධිකරණ කටයුතු නිමා වීමට සුළු වේලාවකට පෙර එම තොරතුරු භාර දී ඇති බව හඳුනාගත් බව ප්‍රකාශ වේ. නිසි ක්‍රමවේදයකට අවශ්‍යය කරුණු පෙළගස්වා හිටපු රගර් පරිපාලනය විසුරුවා හැරීම කර තිබුණේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් සහ අමාත්‍යංශය වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවට කළ යුතුව තිබුණේ ක්‍රීඩා පණතට අනුව විසුරුවා හැරීමට හේතු වූ නිසි විධිමත් කාරණාවන් සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමය.එය මැයි 8 වන දාට පෙර වුව ද කළ හැකි දෙයක් වන්නේ එවැනි විසුරුවා හැරීමට පදනම් වන කාරණා නිවැරදිව ඉටු කර තිබේනම් පමණි.
නමුත් එම තොරතුරු නව වෙනිදා භාර දුන් බව කියමින් අධිකරණයට වාර්තා කළ ද එය නව වෙනිදා ත් නොවන 10 දා භාර දි ඇත්නම් අනුමාන කළ හැක්කේ කළ ක්‍රමවේදයේ හිදැස් වසා ගැනීමට අතිරේක වැඩ කොටසක් කරන්නට සිදු වි ඇති බවය.රටේ නීතිපති දෙපාර්තමේන්තුව රජයේ ආයතනයකට හෝ රටේ අමාත්‍යවරයෙක්ට යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇත්නම් අනිවාර්යෙන්ම කුමන හෝ ක්‍රමයකින් ඔහු ආරක්ෂා කිරීමේ වගකිමක් සිටිනවාද යන්න හෝ නැතිනම් වඩාත් නීතිමය තත්ත්වයේ ගෞරවය සහ අයිතිය පුරවැසියා වෙනුවෙන් ක්‍රියාත්මක කිරිමට බැදි සිටිනවාද යන්න පිළිබඳව මෙවැනි සිඳුවීම්වලදී යම් ප්‍රමාණයක සැකයක් ඇති වන්නේය.ඇත්තටම වගකිම ඉටු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙවැනි අවස්ථාවල නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම පොලීසියට ද ගරු විනිසුරුතුමන්ලාට අවවාද කරන්නට වීම රටේ නීතියේ සාධාරනත්වය සහ යුක්තියේ ආධිපත්‍යය ගැන කණගාටුදායක තත්ත්වයකි.

කෙසේ හෝ මෙම නඩු විභාගය ගරු විනිසුරුවරයෙක්ගේ හිස් තැනක් ද හේතුවෙන් එළැඹෙන මැයි 23 දා කල් දැමීමට ගරු අධිකරණය තීරණය කළ අතර මැයි 19 වන දින විසුරුවා හරින ලද රගර් සම්මේලන නිලධාරින්ට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉඩ ලබා දී ඇත.

ශ්‍රී ලංකා රගර් සම්මේලයේ විසුරවීම පිළිනොගන්නා බව මේ වන විට ජාතික ඔලිමිපික් කමිටුව ජාත්‍යන්තරයට දන්වා ඇති අතර මේ තත්ත්වය තුළ ස්ථාවර කමිටුවට ආසියානු ක්‍රීඩා උළෙල සඳහා රගර් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත.ඒ සඳහා කටයුතු කිරිමේ බලය ඇති ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කරනු ඇත්තේ අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද ඔලිම්පික් කමිටුව සමඟය.මේ මොහොතේ අමාත්‍යවරයා එක්ව කටයුතු කරන ආසියානු රග්බි සම්මේලනයට ද කළ හැකි කිසිවක් නැති අතර ජාතික ඔලිම්පික් කමිටුවේ අදහස අනුව කටයුතු කිරීමේ අදහස ඇතිව ජාත්‍යන්තර රගර් සම්මේලනය ඔවුන්ගෙන් කරන ලද විමසීම අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ දේශිය නියෝජතියාට එරෙහි වීමට ජාත්‍යන්තර රගර් සම්මේලනයද කටයුතු නොකරනු ඇත.
තත්ත්වය තමන්ගේ දේශපාලන උද්ධච්ඡකම යටතේ තව දුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේනම් ශ්‍රී ලංකාවට රගර් ජාත්‍යන්තර වශයෙන් තහනම් වීමේ අවදානමක් පවතින අතර විසුරුවා හරින ලද රගර් සම්මේලනයේ සභාපතිවරයා පවසන්නේ තමන් වසර තිහකට අධික කාලයක් රගර් කේෂ්ත්‍රය තුළ ඇති කරගත් කීර්ති නාමය නිසා අමාත්‍යංශය පවා මඟ හරින මොහොතක රගර් තරගාවලි පැවත්වීමට සහ නව තරගාවලි හදුන්වා දීමට දේශිය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අනුග්‍රාහකයන් සොයා ගත් බවය.එවැනි වට පිටාවක සිය කීර්ති නාමයට අපහාස වෙන ආකාරයට දිගටම කටයුතු සිද්ධ වේනම් ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම් කරණ අධිකරණයට හෝ යාමට තමා සූදානම් බවය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan