සභාපතිවරයෙක් නැතිව මුදල් කාරක සභාවේ වාර්තා සම්මත වෙන්නේ කොහොමද? (VIDEO)

Date:

කොළඹ LNW:සභාපතිවරයෙක් නොමැතිව මුදල් කාරක සභාවේ වාර්තා සම්මත වෙන්නේ කෙසේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකගෙන් ප්‍රශ්න කර සිටියි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයෙක් නොමැති අවස්ථාවක විපක්ෂය විසින් සභාපතිවරයකු පත් කළ යුතුය යන ස්ථාවර නියෝග තිබිය දී අනීතිකව, ව්‍යවස්ථා විරෝධිව වැඩබලන සභාපතිවරු රජය විසින් පත් කර මෙවැනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නීත්‍යානුකූලව ඉදිරිපත් වන්නේ කෙසේද? කියා ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාරක සභාවක් ස්ථාපනය වන්නේ එහි සංයුතිය තුළ නිත්‍යානුකූලව, ව්‍යවස්ථාපිතව හා ස්ථාවර නියෝග මත පදනම්ව ස්ථිර සභාපතිවරයකු පත් කිරීමෙන් බවත් නිත්‍යාකුලූව සභාපති වැඩ නොබලන විට තාවකාලික සභාපතිවරයකු පත් කල හැකි නමුත් මේ අවස්ථාවේ සිදුව ඇත්තේ ස්ථාවර නියෝගවලට ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

මෙවැනි තත්ත්වයක් තුළ බංකොලොත් රටක අනීතිව වැඩ කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් නොමැති බවත් කරුණාකර මුදල් කාරක සභාවට නිත්‍ය සභාපතිවරයකු පත් කර මෙම වාර්තා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් මෙතෙක් අනීතික සභාපතිවරයකු හරහා ඉදිරිපත් කළ වාර්තා නීති විරෝධි, ස්ථාවර නියෝග කළ වන හා ව්‍යවස්ථා විරෝධි බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...