*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඉතිහාසයේ ප්‍රථම වරට නාවික කාන්තාවන් මුහුදු රාජකාරියේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට නාවික කාන්තාවන් මුහුදු රාජකාරීන් සඳහා අනුයුක්ත කර තිබේ. ඒ අනුව ප්‍රථම කණ්ඩායමට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් සහ කාන්තා නාවිකයින් 05 දෙනෙකු ඇතුළත් ය.

එම කණ්ඩායම මුහුදු රාජකාරි සඳහා ඊයේ (11) දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත කෙරිණි.

මේ අනුව නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ නෞකා සහ යාත්‍රාවන්ගේ රාජකාරීන් සඳහා නාවික කාන්තාවන්ට ද එක්වීමට අවස්ථාව විවරවී තිබේ.

වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව හැදැරීම සඳහා කාන්තා නිලධාරිනියන් සහ නාවිකයින් වෙත පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අවස්ථාව ලබාදී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan