පහළ වායුගෝලය කැළඹෙයි. වැසි තත්වයේ වැඩිවීමක්

Date:

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (13) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩිතද වැසි ඇතිවිය හැක.

නැගෙහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...