අනුර සහෝදරයා දිනපුවාම එක රැයින් දේශපාලනය වෙනස් කරයි. ආර්ථිකය නම් එහෙම බෑ, ඒකට කාලයක් යාවි – හඳුන්නෙත්ති

Date:

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ආර්ථිකය යහපත් අතට හැරවීමට යම් කාලයක් ගතවෙනු ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභිකයකු සහ ආර්ථික කමිටු සාමාජිකයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අපට අපි ආණ්ඩුවක් අරගෙන එක රැයින් ආර්ථිකය වෙනස් කරන්න බෑ. අපි එහෙම බොරු පොරොන්දුවක් දෙන්න ඕනෙ නෑ. අනුර සහෝදරයාට කියන්න පුළුවන්ද දැන් මම ජනාධිපති, ඒක හින්දා මම මාස හයක් හතක් රනිල් වගේ ඉඳලා, ගෝඨාභය මහත්තයා කරා වගේ ටික දවසක් කරලා, ඊටපස්සෙ අනුර දිසානායක වගේ කරන්නම් කියලා ? අපට ආර්ථිකය වෙනස් කරන්න සාධාරණ කාලයක් යාවි. හැබැයි දේශපාලනය වෙනස් කරන්න යන්නෙ නෑ පැය 24ක් වත්”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

ජාතික ජන බලවේගයේ රජයක් තුළ මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කෙරෙනු ඇත්තේ සුනිල් හඳුන්නෙත්ති මහතාව බව පැවසේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...