දකුණු කොරියාව නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට සූදානමින්

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දකුණු කොරියාව දශක ගණනාවක් තිස්සේ ඇති වූ බරපතලම දේශපාලන අර්බුදයට හේතු වූ යූන් සුක් යෙයොල්ගේ දෝෂාභියෝගයෙන් පසු සිදු වූ පෙර නොවූ විරූ කැලඹිලි වලින් අනතුරුව එළඹෙන ජුනි මස 3 වන දින නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට දකුණු කොරියාව සුදානම් බව වාර්තා වේ.

ඒ අනුව, මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ (PPP) හිටපු කම්කරු අමාත්‍ය සහ දැඩි මතධාරී කොන්සර්වේටිව් කිම් මූන්-සූ හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක ලී ජේ-මියුං ප්‍රධාන අපේක්සකයන් වශයෙන් තරඟ කරනු ඇත.

මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් තිබියදී කරන ලද මත විමසුමකට අනුව, ලී කිම්ට වඩා 43% සිට 29% දක්වා ඉදිරියෙන් සිටි අතර, තවත් මත විමසුමකින් ලී 49.5% ක් සහ කිම් 38.2% ක් ලෙස හඳුනාගෙන ඇත.

කෙසේ නමුත් දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරයාට බිඳුණු රජයකට වඩා වැඩි යමක් උරුම නොවනු ඇති අතර ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය මෑත දශකවල කලාපයේ විශාල සාර්ථක කතාවලින් එකක් ව තිබේ.
එය මේ වන විට අඩු ආර්ථික වර්ධනය, විශාල වයස්ගත සමාජයක්, ලෝකයේ අඩුම උපත් අනුපාතවලින් එකක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධවල ප්‍රතිවිපාක වලින් පීඩා විඳිමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...