රට තුළ මතුව ඇති ගෑස් හිඟයට පිළියමක් ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රමුඛ නව රජය යොදන වැඩපිළිවෙල යටතේ ගෑස් තොගයක් දිවයිනට ලැබීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව, මෙට්රික් ටොන් 3,700 ක ගෑස් ප්රමාණයකට අදාළ ගෙවීම් සිදුකර ඇති අතර, එම ගෑස් තොගය රැගත් නෞකාව එළඹෙන අඟහරුවාදා (17) දින දිවයිනට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මේ අතර, එම ප්රමාණයෙන් ම තවත් ගෑස් තොගයක් ලබන සතියේ අගභාගය වන විට දිවයිනට පැමිණීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
MIAP