රාජ්‍ය සේවයේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්යයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්ය කර ඇත.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්. රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කර තිබුණු අතර , කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබුණි .

ඒ හරහා ඇතැම් සේවකයින් වාසි ලබාගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරන අතර , ඇතැම් සේවකයින් සිය ආයතන සඳහා උදෑසන 10ට පමණ පැමිණ,  පැමිණීමේ සහ පිටවීමේ ලොග් පොතෙහි පැමිණි වේලාව ලෙස සඳහන් කර ඇත්තේ උදෑසන 8 බව ද වාර්තා වේ.

එලෙස සඳහන් කර ඇති බොහෝ සේවකයින් අතිකාල දීමනා ලබාගෙන ඇති අතර, මෙම තත්ත්වය වැඩි වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දක්නට ලැබෙන බවත් වාර්තා වන අතර  මින් ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අද සිට සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කර කර ඇති බව දැනුනා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...