ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ යෝජනාව පිළිගන්න බෑ. මෙතන සමානාත්මතාවයක් තියෙන්න ඕනෑ – හර්ෂ

Date:

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“දැන් කවුරුත් දන්නවා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ලංකාවට ආවා ගිය සතියේ. ඔවුන් ජනාධිපතිතුමාව හම්බුණා, අපේ කණ්ඩායම හමුවුණා, ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක හම්බුණා, මේ සියලුම දෙනා සමග සාකච්ඡා කළා. ආණ්ඩුව පැත්තෙන්වත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්වත් කිසිම ප්‍රතිචාරයක් අපි දැක්කෙ නෑ. නමුත් අපි සෘජුවම කියනවා, අප්‍රේල් මාසයේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව පිළිගන්න බෑ. ඒ යෝජනාවට අනුව 2028 තමයි මේ මුහුණත අගය කපාදැමීම, එහෙම නැත්නම් ෆේස් වැලියු හෙයාකට් එක ලැබෙන්නෙ. අපි ගණන් හදලා තියෙන විදියට 2028 වෙනකොට මේ හෙයාකට් එක ලැබෙන්නෙ 7% ක විතර ප්‍රමාණයක්. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි කවුරුත් දන්නවා සේවක අර්ථසාධක අරමුදලට දැවැන්ත පහරක් වැදුණා. එහෙම නම් මේකෙ යම් සමානාත්මතාවයක් තියෙන්න ඕනෙ. ඉතින් දේශීය ණය හිමියන්ට කන පැලෙන්න ගහලා ඊටපස්සෙ ජාත්‍යන්තර ණය හිමියන්ට 7% ක විතර ඇඟටවත් දැනෙන්නෙ නැති හෙයාකට් එකක් ලබාදීම සම්බන්ධයෙන් අපි සෘජුවම එයට එකඟවෙන්නේ නැති බව මෙතනදී කියන්න කැමතියි”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...