වැස්ස මහනුවර යටකරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): අද සවස මහනුවර නගරයට ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවී තිබෙන බව වාර්තා වේ.

ජනතාව චෝදනා කරන්නේ, දුම්රිය ස්ථානය ජලයෙන් යටවූයේ අවිධිමත් ලෙස කාණු සැකසීම හා කාණු වසා දමා තිබීම හේතුවෙන් බවයි.

මහනුවර නගරයට පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් එකවර ඇදහැලුන අතර එම වර්ෂාවත් සමඟ බෝගම්බර ඉහළ කඳු මුදුනින් ගලා ආ විශාල ජල පහරකින් දුම්රිය ස්ථානයේ ඉදිරිපස සම්පූර්ණයෙන් යට වී ගිය අතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගද සැලකිය යුතු මට්ටමකින් ජලයෙන් යට වී තිබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...