ඩීසල් හිඟය නිසා අපනයන බහාලුම් ප්‍රවාහන සම්පූර්ණයෙන් නවතින ලකුණු!

Date:

ඔටෝ ඩීසල් වල පවතින හිඟය හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ධාවනය විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

විශේෂයෙන් අපනයන බහාලුම් ප්‍රවාහනයට එය බරපතල ලෙස බලපා තිබෙන බවයි මංජුල මහතා සඳහන් කරන්නේ.

මෙරටට ලැබෙන ඩොලර් ආදයමනේ 60%කට වැඩි ප්‍රමාණයක් අපනයනවලින් ලැබෙන තත්ත්වයක පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට දිනය වන විට එම ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටිනු ඇති බව ඔහු කියාසිටියි.

පවතින මෙම ඉන්ධන හිඟය සමබන්ධයෙන් පෙර සිටි බලධාරීන් සමඟ සාකච්ජා කළද නිසි විසඳුමක් නොලැබුණ බවත් වත්මන් අගමැතිවරයා සමඟද ඒ ගැන සාකච්ජා කළ බව ද ඔහු සඳහන් කරයි.

මතුව තිබෙන ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොළඹ නගරය තුළ තිබෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 05ක් හා නාවික හමුදාවට අයත් පිරවුම් හල සම්පූර්ණයෙන් මෙම බහාලුම් රථ වලට ඉන්ධන ලබාගැනීමට සලස්වන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

එමෙන්ම ආයෝජන කලාපවල නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අවසන් කර තිබුණද ඉන්ධන හිඟය හේතුවෙන් ඒවා ප්‍රවාහනය කළ නොහැකි තත්ත්වයක් තුළ එම නිෂ්පාදන කෝටා වෙනත් රටකට වුවද යාමේ අවදානමක්ද පවතින බව හෙතෙම පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...