යූරියා පොහොර ආනයනයට අනුමැතිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත .

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළ අතර , යල කන්නයේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් පොහොර සමාගම් සෙක හා පෞද්ගලික අංශය සතුව පැවති යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...