වෘත්තීය මලල ක්‍රීඩකයන්ගේ හැකියාව ප්‍රදර්ශනය වන ඩයමන්ඩ් ලීග් තරගාවලිය යටතේ ඉතාලියේ ෆ්ලොර්න්ස් හී පැවත්වෙන තරගය සඳහා ජූනි 2 වන දා යුපුන් අබේකෝන් එක්වීමට නියමිතය.මීටර් 100 ඉසව්වට සහභාගි වන යුපුන් සමඟ තරග වදින අනෙක් ක්‍රීඩකයින් හත් දෙනාගෙන් හය දෙනෙක්ම තත්පර 10 ට අඩුවෙන්,තත්පර 9 සීමාවේ මීටර් 100 නිමා කළ ක්‍රීඩකයින්ය.යුපුන්ගේ හොඳම කාලය වනනේද තත්පර 9.96 කි.එය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාතික රටකද වේගවත්ම කාලය වන්නේය.
ෆ්‍රෙඩ් කර්ලි (9.76),ලැමෝන් ජාකෝබ්ස් (9.80),ෆර්ඩිනැන්ඩ් ඔබන්යාලා(9.77),ට්‍රෙවෝන් බෝර්මෙල් (9.76),අකානි සිම්බිනි (9.84),යොහාන් බ්ලේක් (9.69) යන ක්‍රීඩකයෝ තත්පර නවයේ සීමාවේ මෙම ඉසව්ව නිමා කළ ක්‍රීඩකයෝ වෙති.සැමුවෙල් සෙකරෙල්ලි පමණක් තත්පර 10.45 කාලයකින් මෙම ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයින් අතර මීටර් 100 නිමා කර ඇත.බොහෝ විට ඔහු මේ තරගයේදී වේගයෙන් දැවන්තයන් සමඟ තරග කර සිය පෞද්ගලික කාලය වෙනස් කර ගැනීමට ඉඩ ඇත.
ෆ්ලොර්න්ස් ලීග් තරග ඉතිහාසය බලද්දි මෙහි මීටර් 100 සඳහා හොඳම කාලය වාර්තා කර ඇත්තේ ජස්ටින් ගැට්ලින්ය.ඔහු තත්පර 9.75 න් මෙම ඉසව්ව නිමා කර ඇත්තේ 2015 වසරේ දී ය.සමහර විට මෙම තරගයේදී එම ඉසව්වෙන් නව වාර්තාවක් එක්වීමට ද ඉඩ ඇත.කෙසේ නමුත් තත්පර දශම ගණනක වෙනස්කම් අතර පියවර කිහිපයක පරතරයක් ඇතිව සිටින මේ ක්‍රීඩකයින අතරින් තරග ආරම්භයේදි දක්වන ප්‍රතික්‍රියා වේගය මෙන්ම අවසාන මීටර් 20 තුළ දක්වන නිමා කිරීමේ වේගය ද ඇතුළුව සියලු තාක්ෂණික කාරණා ද සියයට සියයක් ඉටු කරන ක්‍රීඩකයා ෆ්ලොරන්සි හී නව ජයග්‍රාහකයා වනු ඇත.
මේ සියල්ල නිවැරදිව සිඳු කරන්නේනම් යුපුන් අබේකෝන් මේ දැවන්තයන් අතරින් පෙරමුණ ගැනීමට මෙන්ම සිය පෞද්ගලික කාලය තව දුරටත් යහපත් කර ගැනීමට හැකි තත්ත්වයක සිටින අතර වැදගත්ම කාරණය වන්නේ ඔහු විසින් පළ කරන ආත්ම විශ්වාසය ය.ඇසිල්ලකින් සියල්ල වෙනස් විය හැකි ඉසව්වක් වන මීටර් 100 ඉසව්වේ හරියටම තිතට සිඳුවෙන නිවරදිම දේ කරන්නට හැකියාව ඇති ක්‍රීඩකයාට ඒ සුළු වෙලාවේ වෙනස්කම් සකසන නම අතිශයින් දැවන්තය.ඒ නිසා නාඩි වැටෙනවටත් වඩා ඉක්මණ් කාලයකින් වේගය තීරණය වන දැවන්තයන්ගේ තරගයේදී ශ්‍රී ලංකාවට දැවන්ත කීර්තියක් අත් කර දෙන්නට අපි යුපුන්ට සවි සහ දිරි පතමු!
සටහන – නිශ්මං රණසිංහ
