*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රනිල්ට සහයදීමේ සජබ යෝජනාව සූදානම් ?

රටේ රාළ දිගටම කිව්වේ සජබය දවසින් දවස දුර්වල වෙන දේශපාලන පක්ෂයක් කියලයි. සජබය සහ ජාජබයට තිබුණ රැල්ල නැතිවීමත් එක්ක වේගයෙන් සජබය ඛාදනය වෙන්න පටන් අරන්.ජාජබයට රැල්ලක් නැති උනත් එයාලාට ජනතාව අතර හැදුනු ප්‍රසාදය තවමත් අකාමකා ගිහින් නෑ.උදාහරණයක් ගත්තොත් මේ දවස්වල රටේ තියන සමුපකාර ඡන්දවල ජයග්‍රහණය වැඩියෙන් එන්නේ ජාජබ කණ්ඩායමට. සමුපකාර ඡන්දයක් දිහා බලලා රටක දේශපාලන අනාවැකි කියන්න බෑ.ඒත් අඛණ්ඩව සමුපකාරය ඡන්ද දිනනවා කියන්නේ ගම්මට්ටමින් ජවිපෙට යම් ප්‍රසාදයක් තියන බව කියන එක පිලිගන්න ඕනි.

2020 මහ මැතිවරණයෙන් පස්සේ ගමේ බලය තිබුණේ පොහොට්ටුවට සහ සජබයට. පොහොට්ටුවේ සහ සජබේ භක්තිමත් ඡන්ද දායකයෝ තමයි ගමේ හිටියේ.හැබැයි දැන් තත්වය වෙගයෙන් වෙනස් වෙමින් තියනවා.ගමේ පොහොට්ටුවේ ඡන්ද දායකයාගේ වැඩි නැඹුරුවක් ජාජබයට තියන බව පිලිගන්න ඕනි.ඒ වගේම ඉතා සුළු පිරිසක් තවමත් පොහෝට්ටුවත් එක්ක ඉන්නවා.තවත් සැලකියුතු පිරිසක් තවමත් තමන්ගේ කදවුර මොකද්ද කියලා තීරණය කරලා නෑ.සජබ ඡන්ද දායකයන්ගෙන් වැඩි කොටස දැන් රනිල් සහ සජිත් අතර දෝලනය වෙමින් ඉන්නවා.සජිත් වටේ හිටිය භක්තිමත් ඡන්දදායකයා වේගයෙන් සජිත්ගෙන් ඈත් වෙමින් ඉන්නවා. ඇත්තටම භූමියේ තියන ඇත්ත තත්වය ඕක. දවසින් දවස සජබය දුර්වල වෙනවා.මේ වෙනකොට සජබ උප සභාපති පී හැරිසන් සජිත් දාලා රනිල් ලගට ගිහින්.සමහරවිට තව ටික දවසකින් ඒක පොඩි රැල්ලක් විදිහට මතු වෙන්නත් පුළුවන්.ඇත්තටම සජිත් සහ අනුර ගත්තම දෙන්නම පහුගිය කාලේ එක සමාන ජනප්‍රියත්වයක හිටියා.

පලාත් පාලන මැතිවරණයේදී දෙන්නා අතර තිබුණේ කරට කර සටනක්.පලාත් පාලන මැතිවරණයට කල් යනවාත් එක්ක කාගෙ කාගෙත් රැලි ගැලවිලා ගියා. දැන් බලනකොට සජිත්ගේ රැලි විතරක් නෙවෙයි දේශපාලන වශයෙන් රෙදිත් ගැලවිලා.සජිත්ට එහෙම උනේ ඇයි?ඒක උත්තරයක් ඕනි ප්‍රශ්නයක්.සජිත්ට එහෙම උනේ ඇයි?එහෙම කළේ කවුද?රනිල්ද?නැත්තං අනුරද?රටේ රාළගේ විග්‍රහයට අනුව නම් ඒක සජිත් විසින් සජිත්ට කරගත්ත අපරාධයක්.ඒක ඔප්පු කරලා පෙන්නන්න රටේ රාළ සජිත් එක්ක රනිල්ව සන්සන්දනය කරන්නේ නෑ. අනුර කුමාරව සන්සන්දනය කරන්නෙත් නෑ.රටේ රාළ අද සජිත් එක්ක සන්සන්දනය කරන්නේ ජේආර්.මොකද සජිත් කියන්නේ සංවිධායකයෙක් නෙවෙයි.සජිත් කියන්නේ වැඩ කරුවෙක් විතරයි. අනිත් අයගෙන් වැඩ ගැනීමේ කලාව කියන එක සජිත් ළඟ නෑ. සජිත් කාටවත් අවස්ථාව දෙන්නේ නෑ.ඒ අයට යමක් කරන්න ඉඩකඩ හදන්නේ නෑ.සජිත් පාරේ ගියත්, වේදිකාවක හිටියත්, පාර්ලිමේන්තුවේ උනත් කරන්නේ තනියෙන් පිනුම් ගහන එක විතරයි.

එතනදී තමයි සජිත් කවුද කියන එක පැහැදිලි කරන්න ජේආර් ඕනි වෙන්නේ.ජේආර් ඒකාධිපතියෙක් හැටියට වැඩ කරපු බව ඇත්ත. ජේආර්ගේ දේශපාලන අපි අනුමත කරන්නේ නෑ.හැබැයි ජේආර් තමන් එක්ක ඉන්න මිනිස්සුන්ට වැඩකරන්න අවස්ථාව දුන්න බව පිලිගන්න ඕනි.ඒ අයට වැඩ කරන්න ධෛර්යය දුන්න බවත් පිලිගන්න ඕනි.ඒක නිසයි ලලිත් ඇතුළත්මුදලි කෙනෙක් රට අඳුන ගන්නේ.ඒක නිසයි ගාමිණී දිසානායක කෙනෙක් රට අඳුන ගන්නේ.සජිත්ගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස රට අඳුන ගන්නෙත් ඒ හින්දයි.අද සජිත්ගේ ප්‍රතිවාදියා රනිල් රට අඳුන ගන්නෙත් ජේආර් නිසයි.තවත් එහෙම එජාප නායකයෝ වැලක්ම හිටියා.ඇත්තටම එහෙම නායකත්වය පරපුරක් බිහිකරන්න ජේආර් නායකත්වය දුන්නා. ජේආර්ගේ සංවිධාන ශක්තිය, දේශපාලන පෞරුෂය,පක්ෂය ගැන තිබුණ දැක්ම එක්ක සන්සන්දනය කරද්දී සජිත් සහ ජේආර් අතර තියෙන්නේ අහසට පොලොව වගේ වෙනසක්.

සජිත් ගත්තේ ජේආර් ළග තිබුණ ඒ උසස් දේශපාලන ලක්ෂණ නෙවෙයි.තාත්තා ලග තිබුණ පරිණාමිකව පහත් දේශපාලන ලක්ෂණයි.රණසිංහ ප්‍රේමදාස කියන්නේ සියල්ල එයා විසින් කරන්න හදපු නායකයෙක්. දේශපාලනය කරන්නෙත් එයා.රාජ්‍ය සේවය හසුරවන්නෙත් එයා.උදේ පාන්දර නැගිටගෙන කෝල් දිදී රාජ්‍ය සේවය හැසිරෙව්වේ ප්‍රේමදාස.යන එන පාරවල්වල ඇලවෙලා තියන ලයිට් කණු කෙලින් කලෙත් ප්‍රේමදාස.රණසිංහ ප්‍රේමදාසගේ තිබුණ තනියෙන් වැඩකිරීමේ කලාව තමයි සජිත් ආදර්ශය විදිහට අරන් තියෙන්නේ.ඒක තමයි හරි ක්‍රමය කියලයි සජිත් හිතාගෙන ඉන්නේ. ජේආර්ගේ තිබුණ හොඳ ලක්ෂණවලින් දැනට ටිකක් හරි ඉතිරි වෙලා තියෙන්නේ රනිල් ළඟ විතරයි.එතන අවුල තියෙන්නේ ජේආර්ගෙන් නොගන්න ඕනි නරක ලක්ෂණ ටිකත් රනිල් ඒ විදිහටම අරගෙන තිබීමයි.ජෙආර් ළග තිබුණ ඒකාධිපති ස්වභාවය රනිල් ළඟ ඒ විදිහටම තියනවා.හැබැයි ජේආර් ලග තිබුණ දියුණු ලක්ෂණත් රනිල් ළඟ තියනවා.උදාහරණක් ගත්තොත් රනිල් එජාප සම්භවයක් නැති මිනිස්සුන්ට උනත් අවස්ථාව දෙන්න බය නෑ.

ඒ තරම් පෞරුෂයක් රනිල්ට තියනවා.ජවිපෙන් දේශපාලනත ඉගෙන ගෙන ජවිපෙ වෙනුවෙන්ම කැපකිරීම් කරපු අය අද රනිල් තමන්ගේ දේශපාලනයේ කොටස්කාරයෝ කරගෙන තියනවා. නන්දන ගුණතිලක,අචල ජාගොඩ, වරුණ රාජපක්ෂ වගේ අය ඊට හොඳම උදාහරණ.ඊළගට නම් වශයෙන් නොකිව්වත් අද ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඉන්න බොහෝ දෙනෙක් ජවිපෙ මාධ්‍ය ඒකකයේ වැඩකරපු අය.රනිල්ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දනුෂ්ක රාමනායක උනත් රනිල් විරෝධී දේශපාලනක් කරපු කෙනෙක්. රනිල්ගේ ඒ පෞරුෂයට සාපේක්ෂව හිතුවොත් එහෙම පෞරුෂයක් සජිත්ට ගෑවිලාවත් නෑ.සජිත් කියන්නේ අනිත් කිසිවෙකුට අවස්ථාව දෙන්න එකඟ අයෙක් නෙවෙයි.සජිත් එහෙම තැනක හිටියා නම් අද සජබය කියන්නේ ශක්තිමත් දේශපාලන පක්ෂයක්. එහෙම නම් පාඨළී, ෆොන්සේකා, හර්ෂ වගේ තවත් නායකයෝ කණ්ඩායමක් සජබය තුලින් මතුවෙලා.සජිත්ගේ ඒ කුහක දේශපාලන ප්‍රතිපත්තිය දැන් සජබය ඇතුලේ සාකච්චාවක් බවට පත්වෙලා.

ජන සමාජයට වඩා වේගයෙන් සජබය තුල සජිත්ගේ පෞරුෂය කඩා වැටෙමින් තියනවා.දැන් මේ ඇවිත් තියන දුරත් එක්ක සජිත්ට වෙනස් වෙන්න බෑ.සජිත්ට දැන් හැදිලා තියෙන්නේ ලෙනින් කියපු පුරුද්දේ දැඩි බව කියන ලෙඩේ. පාගමනක් ගියත් ඒ ලෙඩේ සජිත්ගෙන් මතු වෙනවා.සජිත් නිවාස ඇමති විදිහට ඉන්දැද්දී නිවාස ලාභීන්ට ඔප්පු දාහක් දෙනවා නම් සජිත් තමයි ඒ සියල්ලම දෙන්නේ.ඒක පොලොන්නරුවේ උනත් මාතර උනත්,යාපනේ උනත් එහෙමයි.ඒ කොතනකවත් නායකයෙකු හදන්නේ නෑ.සජිත් හදන්න හදන්නේ දේශපාලන වශයෙන් එහෙයියෝ.සජිත්ටත් ඕනි රාජපක්ෂලා බලාපොරොත්තු උනා වගේ සජිත් අදහන එහෙයියෝ.දැන් සජිත්ගේ තියන මේ දේශපාලන දුර්ගුණය සජබය තුල වගේම සජබ බලවේගය තුල සාකච්ඡාවට ලක්වෙමින් තියනවා.ඒක නිසා පැරණි එජාප බලවේගය තුල සහ සජබ බලවේගය තුල සජිත් කියන දේශපාලන සාධකය අවලංගු වෙමින් පවතින එකක්.රටේ රාළ මේ කියන කතාවත් එක්ක අපේ සජබ යාලුවන්ට කේන්ති ගිහින් ඇති.

ඒත් ඒක තමයි ඇත්ත.ඒ ඇත්ත තේරෙන්න එයාලට තව වැඩි කාලයක් යන එකක් නෑ.රටේ රාළට කියන්නේ රනිල්ට සහය දෙන්න කියලා සජබය ඇතුලේ බහුතර කැමැත්තෙන් යෝජනාවක් සම්මත වෙන දවසත් වැඩි ඈතක නෙවෙයි කියලයි.එහෙම යෝජනාවක් මේ මොහොතේ සජබය ඇතුලේ නැතත් එහෙම යෝජනාවක් ඉදිරිපත් වෙන්න අවශ්‍ය පදනම දැන් සජබය ඇතුලේ හැදිලා ඉවරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan