අලියගෙන් ගේම ඉල්ලන ගෝත්‍ර නිල මැස්සන් ….

Date:

මේක තමා රට බංකොලොත් කරපු නරුම දෘෂ්ටිවාදය. මේ දෘෂ්ටිවාදයට අනුව බටහිර ජාතීන් සහ අසල්වැසි ඉන්දියාව පවා තුන්තිස් පැයේ නොනිදා පහන් කරන්නේ ලංකාවට වින කටින අයුරු සැලසුම් කරමිනි…

යථාව තුල ලංකාව යනු හුදෙකලා කුඩා දූපතකි.. මේ බිමේ විකිණිය හැකි මොනමොනවා හරි ටිකක් ඇතත් පොලොව යට රන් සංචිත හෝ ප්ලැටිනම් හෝ පහසුවෙන් ගොඩ ගතහැකි ඛනිජ තෙල් හෝ වැනි මහා පරිමාන වටිනා කියන ස්වභාවික සම්පත් කිසිත් නැත.

මහා පරිමාන කෘෂිකර්මාන්තයටද අවශ්‍යකරන භූමිය මේ කොදෙව්ව තුල නැත.. මේ තත්වය නිසාම භූමිය තුල ප්‍රාග්ධනය බිහිවීමට ඉඩක්ද නැත..

රටේ මිනිසුන්ට විදේශ භාෂා ඥානය හා තාක්ෂන ඥානය නැති නිසා පුරවැසියන් විදේශවලට ශ්‍රමිකයක් ලෙස යැවීමටද නොහැකිය ..

මේ තත්වය මත පිටත දියුණු ලෝකයේ හොඳ හිත උදවු උපකාර මගපෙන්වීම නැතිව අපිට මෙලෝ මගුලක් කර කියාගත නොහැක…

කාගේ කාගේත් අහවල් අභිමානයට ‍රිදුනට යථාර්ථය එයයි..

මොවුන්ගේ මේ ගෝත්‍ර නරිවාදන් ලෝක බලවතුන් පයිසෙකටවත් ගනන් නොගන්නා නිසා ඝෘජු අවුලක් ඇති නොවුනත් අභ්‍යන්තරිකව රට බංකොලොත් අගාධයකට ඇදගෙන ගියේ මොවුන් වැන්නන් කාලයක් තිස්සෙ බිමේ වපුල මේ දෘෂ්ටිවාදය නිසාය…

ඇමරිකන් තානාපතිනිය ප්‍රතික්ෂේප කලේ නම් අපට ලැබෙන්ට තියෙන මොන මොනවා හෝ සහන ටිකකටත් කෙලවෙනු මිසක ඇමෙරිකානු මහ බලවතාට එයින් පයිසෙක වත් පාඩුවක් වෙන්නේ නැත…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...