රතුපස්වල චූදිතයින් නිදොස්කොට නිදහස්!

Date:

කොළඹ LNW:රතුපස්වල සිදුවීමට අදාළව චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනා ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

සිද්ධියෙන් වසර 11කට පසුවයි මෙම නඩු තීන්දුව ප්‍රකාශ කෙරුණේ.

වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ පානීය ජන ගැටළුවක් මුල් කරගනිමින් පැවති විරෝධතාව අතර තුර සිදු වූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් 50කට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙනුයි චූදිතයින්ට එරෙහිව නඩුව පවරා තිබුණේ.

ඒ අනුව එම චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නීතිපතිවරයා අපොහොසත් වීම මත උක්ත තීන්දුව ලබා දී තිබේ.

2013 වසරේ අගෝස්තු 01 වැනිදායි එම සිදුවීම සිදු වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...