‘2024 ආසියාවේ 30 න් පහළ 30’ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ඩිනාරා පුංචිහේවා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ උපන් රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා  ෆෝබ්ස් සඟරාව විසින් මෙවර ප්‍රකාශයට පත්කරන ලද ‘2024 ආසියාවේ 30 න් පහළ 30’ ලැයිස්තුවට ඇතුළත් වී තිතිබෙන බව වාර්තා වේ,

ෆෝබ්ස් සඟරාව විසින් පළකරන ලද සිය නවවැනි වාර්ෂික ලැයිස්තුවේ විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයට විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ නායකයින් ලෙස හඳුනාගත් 300 දෙනකු අතරින් ඇය ද මෙලෙස ඇතුළත් වී ඇත.

දිනාරා 2018 වසරේ දී බොලිවුඩයේ ද ප්‍රසිද්ධියට පත් වූයේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ප්‍රදර්ශනය වූ ඇගේ කෙටි චිත්‍රපටය වන ‘මාලා’ සමඟිනි.

එතැන් සිට ඇය අමතර චිත්‍රපට හතරකට පෙනී සිටියාය. ගාඩි, පොදු වැනි සිනමා නිර්මාණවලින් ඇයගේ රංගන හැකියාව විදහා දැක්වීම විශේෂත්වයකි.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන දිනාරා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රංග කලාව සහ රංගනය හඳුන්වා දීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතනයක් වන Punchi Actors ආරම්භ කළාය.

Drama – Queen Mary University of London

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...