ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය අද (17) දහවල් 02.00 ට පමණ හිනිදුම, හබරකඩ, දුංහේන ප්රදේශයේදී ත්රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
එහිදී ත්රීරෝද රථ රියදුරා සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
අනතුරට ලක්වූ කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යංශය යටතේ ලියාපදිංචි කර ඇති එකකි. එය ඉදිරියෙන් පැමිණි ත්රීරෝද රථයේ ගැටී මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් නැවතී බවත් වාර්තා විය.
කැබ් රථයේ රියදුරා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.


