ක්‍රීඩා ඇමති දෙවන තහනමත් රැස් කර ගනියි

ක්‍රීඩා අමාත්‍යවරයා ගේ අභිමතානුසාරි හැසිරීම සහ ඒ සඳහා අමාත්‍යවරයාව පෙළඹ වූ අයගේ ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක් කර ඇත.ඉතා පැහැදිළිව ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට දේශපාලන අත පෙවීම් වන බව ඔවුන් සිතන බවය.

ඉතා ඉක්මණින් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ජාත්‍යන්තර රගර් සම්මේලනය කටයුතු කරන බව ද එම ලිපියේ පෙන්වා දී ඇති අතර විශේෂත්වය වන්නේ එම ලිපිය යොමු කර ඇත්තේ අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුවට නොවේ යන්නය.අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද රගර් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවල වැඩි කැමත්තෙන් බලයට පැමිණි පරිපාලනය විසින් නම් කර ඇති විධායක අධ්‍යක්ෂවරයාටය.
මෙහිදී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පැන වූ අතුරු තහනම් නියෝගයද අධිකරණය විසින් පිළි නොගත් අතර ඔහු අමාත්‍ය ධූරයේ සිටින සමයේ සිටම ක්‍රීඩා සමාජවල කැමත්තෙන් බලයට ඒමට නොහැකි පිරිසක්,දේශපාලන ආශිර්වාදය මත එහි පාලනය පැමිණිමට උත්සාහ කරමින් සිටියේය.විශාල කාලයක් බලපෑම් මත වැඩ කරන්නට නොහැකිව තිබියදීත් අමාත්‍යවරයාට හිතවත් පාර්ශවයන් පාලනයේ සිටියදී ඉහළ නංවා සිටි මිලියන 55 ක් පමණ වන ශ්‍රී ලංකා රගර් ණය මුදලද මිලියන 20 න් පමණ අඩු කරමින් නව පරිපාලනය පවත්වන්නට නියමිත සියලු තරගාවලිද සාර්ථකව පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව පවුම් 50000 ට දඩයකට යටත් කරමින් ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් කටයුතු කළ කිලධාරීන්ගේ ආශිර්වාදය ද ආසියාතික මට්ටමේ සිට ක්‍රීඩා අමාත්‍යවරයාට රගර් මේ අමාරුවේ දැමීම සඳහා හේතු විය.මහදැනමුත්තාගේ සහ ගෝලයො රොත්තගේ හැසිරීම පෙන්නුම් කළ ක්‍රීඩා අමාත්‍යවරයා එළුවා බේරා ගත් බවට පුරසාරම් දෙඩුවඳ ඇත්තටම සිඳුව ඇත්තේ මුට්ටියත් බිඳ එළුවාත් නැසීමය.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අප වෙබ් අඩවිය කරුණු පැහැදිළි කළත්,බලය යන්න තමාට අභිමතානුසාරිව හැසිරීමට දුන් අවියක් සේ සිතන ක්‍රීඩා අමාත්‍යවරයාගේ උද්ධච්ඡ ස්වභාවය විසින් පාපන්දු ක්‍රීඩාවට අත් කර දුන් ඉරණමම රගර් ක්‍රිඩාවටත් අත් කර දුන්නේ මේ දක්වා ශ්‍රී ලංකායේ පහළ වූ අදක්ෂම සහ නොසැළිකිලිමත්ම ඇමතිවරයෙක් සේ ඉතිහාසයට එක්වෙමින්ය.

අමාත්‍යවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට මාර්ගෝපදේශනය සැපයීමට නම් කරන ලද ජාතික ක්‍රීඩා සභාව වැනි සමූහයන් තුළ සිටින පිරිස් ද වගකිව යුතුය.ක්‍රිකට් ක්‍රීඩාවට ද මේ ඉරණමම අත් විය හැකි අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිතේ ඇත්තේ ජාත්‍යන්තර සම්මේලවලට අවශ්‍යය ආකාරයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හැසිරවිම අවශ්‍යය නැති බවය.අයිසිසී ප්‍රධානියාට ද ඔහු රටේ ජනතාවට වගකිව යුතු බව පැවසුවද,ඔහු කරමින් සිටින්නේ ඒ එ ක්‍රීඩාවන්ට අදාළ ක්‍රීඩා සමාජ විසින් පත් කරනු ලබන නියෝජිතයන්ට බලපෑම් වෙන සේ තමන්ගේ අමාත්‍ය ධූරයේ වගකීම ක්‍රීඩා පණතේ ඇති අභිමතය යන වචනය යොදා ගෙන කටයුතු කිරීමය.නමුත් ඒ සඳහා පිවසෙන්නට පෙර පිළිපැඳිය යුතු කිසිවක් ඔහුගේ අවධානයට ලක්වන බවක් පෙනෙන්නට නැත.

මේ තත්ත්වය සමඟ ජාත්‍යන්තර රගර් සම්මේලනය ඉදිරි ක්‍රියාමාර්ග ද,දැනට ඔවුන් විසින් පිළිගන්නා අමාත්‍යවරයා විසින් විසුරුවන ලද පරිපාලනයේ විධායක අධ්‍යක්ෂවරයාට දැණුම් දෙනු ඇත.අමාත්‍යවරයා විසින් කර ඇති පත්වීම ඔවුන් පිළිනොගන්නා බව ජාත්‍යන්තර රග්බි සම්මේලනය මෙහිදී පැහිදිළිව පවසා ඇත.
නාමල් රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ අතවැසි දේශපාලනඥයෙක් සේ සිංහල අලුත් අවුරුද්දටත් මහින්ද රාජපක්ෂව වැඳ නමස්කාර කර ක්‍රීඩා අමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තද,මේ මොහොතේ ඔහුගේ අභිමතානුසාරී හැසිරීම හරහානම් කරමින් සිටින්නේ රටේ ක්‍රීඩාවටනම් ආශිර්වාද කිරීමක් නොවේය.එය සාපයක් බවට පත් වෙමින් ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...