LankaPay සමඟ එක්ව ඉන්දියාවේ PhonePe ඒකාබද්ධ ගෙවීම් සේවාවක් හඳුන්වා දෙයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

මැයි 18, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ගෙවීම් සේවාවන්ට තවදුරටත් ප්‍රබෝධයක් එක් කරමින් PhonePe, LankaPay සමඟ එක්ව, 2024 මැයි 15 වන දින PhonePe UPI ගෙවීම් ශ්‍රී ලංකාව තුළ දියත් කරයි.

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් මුදල් ගෙවීම් යෙදුම ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දියත් කිරීමේ උත්සවයේදී මහ කොමසාරිස් ඡා සිය ප්‍රකාශයන්හි සඳහන් කළේ ඉන්දියාවේ හුරුපුරුදු ඩිජිටල් ගෙවීම් පද්ධතියක පහසුව සංචාරක ව්‍යාපාරය තවදුරටත් දිරිමත් කරන බවයි.

හෝටල් වෙන්කරවා ගැනීම්, කැබ් රථ වෙන්කරවා ගැනීම් සහ බෙදාහැරීමේ සේවාවන්හි නවෝත්පාදනයන් සඳහා ඒකාබද්ධ ගෙවීම් සේවාවන් ගොඩනගා ගැනීමට ඉන්දියානු සමාගම් සමඟ සම්බන්ධ වන ලෙස ඔහු ශ්‍රී ලංකාවේ සමාගම්වලින් ඉල්ලා සිටියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව 2024 පෙබරවාරි 12 වන දින LankaPay සමඟ එක්ව ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත් (UPI) සේවාවන් ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලදී.

2023 ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේදී සම්මත කරන ලද දැක්ම ගැන සඳහන් කරමින් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි, එහි ප්‍රධාන අංගය ලෙස මූල්‍ය සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අවධාරණය කර ඇත.

එය දියත් කළ දා සිට ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු 6000කට අධික ප්‍රමාණයක් සිදුවී ඇති අතර එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 240 ඉක්මවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...