LankaPay සමඟ එක්ව ඉන්දියාවේ PhonePe ඒකාබද්ධ ගෙවීම් සේවාවක් හඳුන්වා දෙයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

මැයි 18, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ගෙවීම් සේවාවන්ට තවදුරටත් ප්‍රබෝධයක් එක් කරමින් PhonePe, LankaPay සමඟ එක්ව, 2024 මැයි 15 වන දින PhonePe UPI ගෙවීම් ශ්‍රී ලංකාව තුළ දියත් කරයි.

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් මුදල් ගෙවීම් යෙදුම ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දියත් කිරීමේ උත්සවයේදී මහ කොමසාරිස් ඡා සිය ප්‍රකාශයන්හි සඳහන් කළේ ඉන්දියාවේ හුරුපුරුදු ඩිජිටල් ගෙවීම් පද්ධතියක පහසුව සංචාරක ව්‍යාපාරය තවදුරටත් දිරිමත් කරන බවයි.

හෝටල් වෙන්කරවා ගැනීම්, කැබ් රථ වෙන්කරවා ගැනීම් සහ බෙදාහැරීමේ සේවාවන්හි නවෝත්පාදනයන් සඳහා ඒකාබද්ධ ගෙවීම් සේවාවන් ගොඩනගා ගැනීමට ඉන්දියානු සමාගම් සමඟ සම්බන්ධ වන ලෙස ඔහු ශ්‍රී ලංකාවේ සමාගම්වලින් ඉල්ලා සිටියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව 2024 පෙබරවාරි 12 වන දින LankaPay සමඟ එක්ව ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත් (UPI) සේවාවන් ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලදී.

2023 ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේදී සම්මත කරන ලද දැක්ම ගැන සඳහන් කරමින් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි, එහි ප්‍රධාන අංගය ලෙස මූල්‍ය සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අවධාරණය කර ඇත.

එය දියත් කළ දා සිට ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු 6000කට අධික ප්‍රමාණයක් සිදුවී ඇති අතර එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 240 ඉක්මවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...