*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තායිලන්තයේ සහය දුවන්න සඟවන්න බැරි රබර් බෝලයක්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 18, කොළඹ (LNW): සාමාන්‍යයෙන් රබර් බෝලයක් දිය යට ගසා සඟවන්නට බැහැ.එය නැවත අත හැරිය සැනින් උඩට ඒම ස්වභාවය වෙනවා.මැයි 20 වන දා තායිලන්තයේ පැවත්වෙන ආසියානු සහය දිවීමේ තරගාවලියට එවැනි රබර් බෝලයකට සමාන තරුණ ක්‍රීඩකයෙක් එකතු වෙනවා.ඔහු දිනෙත් වීරරත්නයි.ඔහු මෑතකදි ඩුබායි හී නිමාව දුටු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සුරතාවලියේ නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙක්.


ඔහු වසර කිහිපයක සිට දක්ෂතා දැක්වුව ද ඔහුගේ නම ජාතික නියෝජනය සඳහා නම් නොකරන්න විවිධ බැරියර් සකස් වුණා.විටෙක ඔහු ඉතාලියේ පැවති තරගයකදී ඉහළ දස්කම් දැක්වීම පවා දුරු රටක් නිසාදෝ අවධානයට ගැණුනේ නැහැ.ඩුබායි තරගාවලියේ දී ද,මෙරොන් විජේසිංහ සමඟ දිනෙත් ද යොදවා බලන්නට තිබුණා.කුමන හෝ හේතුවක් නිසා එහෙත් එය සිඳු වූයේ නැහැ.


එම සංචාරයෙන් පසුව මෙම තායිලන්ත තරගාවලිය සම්බන්ධයෙන් වූ තේරීම් තරගයේ දී දැනට ජාතික මට්ටමේ පළමුවැන්නාව සිටින චමෝද් යෝධසිංහට දෙවැනි වී ඉසව්ව නිමා කරමින් ඔහු කණිෂ්ඨ අංශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට ඉඩක් සකසා ගන්නවා.ඒ අනුව ආසියානු සහය දිවීමේ සූරතාවලියේ දී ඔහු මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමට එකතු වෙමින් රබර් බෝලයේ කතාව පැහැදිළි කර තිබෙනවා.


සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ක්‍රිඩාවල තේරීම් ප්‍රශ්න කිරීමට ඉඩක් නැති කියන හේතු අසා සිටිය යුතු අනෙකාගේ දැණුම බොල් කර හාස්‍යයට උපහාසයට ලක් කිරිමක් බව දන්නා කාරණයක්.එවැනි වටපිටාවක වුවත් ඉවත් කරන්නට නොහැකි තරමට දනවන දිවීම් කරන්නට හැකි වීම සතුටුදායක තත්ත්වයක් බව අපේ විශ්වාසය වන නිසා තායිලන්ත සංචාරයට එකතු වෙන දිනෙත්ට වගේම බොහෝ පීඩාවන් මැද සිය මලල ක්‍රිඩා දිවිය පවත්වාගෙන යන සියලුම ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරනවා.බහමාස් සංචාරය සඳහා සූදානම්වීමේ දී මීටර් 400 ඉසව්වේ සහය කණ්ඩායමට ඇතුළත් නොවුණු නමුත්,එම ඉසව්වේ ජාතික වාර්තාවේ සහයකයෙක් වන පබසර නිපූ ද නැවත සංචිතයට කැඳවා මේ තරගයට එකතු කර තිබීම වැදගත්.ඒත් මේ තරග ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම බහමාස් සහය දිවීම් ඉසව්වලින් ඇති වූ පීඩනයත් සමඟ ඉසව්ව විනාඩි 2:59.12 න් පමණ අවසන් කරන්න සිදු වී තිබීමනම් විශාල අභියෝගයක් වුණත්,තමන්ට මඟ හැරුණු අවස්ථාව වෙනුවෙන් පිළිතුරු දිමට ඇති මේ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන බලාධාරීන්ට පිළිතුරුක් දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.


මෙම සටහනේ දිනෙත් විරරත්න ඉහළින් දැක්වෙන අතර තරගාවලියට එකතු වෙන ක්‍රීඩා කණ්ඩායම ඡායාරූඵයට පෙනී සිටි පිළිවෙලින් පහත දක්වා තිබෙනවා.

වමේ සිට අසුන්ගෙන: රුමේෂිකා රත්නායක, උමංග සුරේන්ද්‍ර (පුහුණුකරු), ඒ.ඩී. නන්දාවතී (පුහුණුකරු), වෛද්‍ය ධම්මික සේනානායක (කණ්ඩායම් වෛද්‍ය), සමන් කුමාර ගුණවර්ධන (ලේකම්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා), අයි.එම්. රණසිංහ (අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පුහුණුකරු), සංජීව වීරක්කොඩි (කණ්ඩායම් කළමනාකරු), අනුරාධ නානායක්කාර (පුහුණුකරු), අරුණ දර්ශන

වමේ සිට මැද පේළිය:
චමෝද් යෝදසිංහ, දිනරා බණ්ඩාර දෑල, මේධානි ජයමාන්න, සෆියා යමික්, සයුරි මෙන්ඩිස්, දිලුෂ්නි සිල්වා, අනුරුද්දික මුතුකුමාරණ, නිෂේන්ද්‍ර සිල්වා, චානුක ධර්මකීර්ති

පසුපස පේළිය:
ඉසුරු ලක්ෂාන්, දිනෙත් වීරරත්න, දිනෙත් සේනානායක, දිනුක දේශාන්, පසිඳු කොඩිකාර, හෂාන් ගම්ලත්, කවිඳු චතුරංග, පබසර නිකූ

ඡායාරූපයෙහි නැත:
කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක සහ මුද්දික තුෂාර (පුහුණුකරු)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan