*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ගෝඨාභය රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අට දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කළේය.

ඒ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.

2000 වසරේ දෙසැම්බර් 19 වනදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු මෙසේ ඝාතනය කර තිබුණු අතර මේ සම්බන්ධයෙන් සැරයන් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. නඩු විභාගයේදී වරදකරු බවට තීරණය වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කෙරුණු අතර එම දඬුවමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් 2017 මැයි 20 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ද එම මරණ දඬුවම තහවුරු කර තිබිණි.

කෙසේවෙතත් 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 මාර්තු 26 වනදා සුනිල් රත්නායක ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහුව නිදහස් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියක් ඇතත් එය අනුගමනය නොකර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුනිල් රත්නායකව නිදහස් කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan