ජනපති රනිල් දිවයිනෙන් පිටව යයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) උදෑසන ඉන්දුනීසියාව බලා පිටව ගොස් තිබේ.

ඒ, ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයෙහි නිරත වන අතර මැයි 20 වනදා ඒ මහතා සමුළුව අමතමින් සිය විශේෂ දේශනය සිදුකිරීමට නියමිතව ඇත.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත් නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...