උදව් ඕනෙ අය ඉස්සෙල්ලා ඉල්ලන්න එපැයි, ජනාධිපතිතුමා තවම ඉල්ලලා නෑ – දිළුමුත් වැඩ උඩට ?

Date:

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“මම සාත්තර කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් අදටත් සංයුතියේ හැටියට වැඩිම බලය තියෙන්නේ පොහොට්ටුවට. ඒක නොරහසක්. උදව් ඕනෙ අය ඉස්සෙල්ලා ඉල්ලන්න එපැයි … ජනාධිපතිතුමා තවම ඉල්ලලා නෑ. එතුමා පොහොට්ටුවෙන් උදව් ඉල්ලුවොත් පොහොට්ටුව ඉස්සෙල්ලා තීන්දු කරයි කාටද සහයෝගය දෙන්නෙ කියලා”

ප්‍රශ්නය – ඔබතුමාගේ සහයෝගය කොහොමද ?

“මම ඉල්ලුවොත් සහාය මට තියෙන්නෙ… (සිනා) ජනාධිපතිවරණය ආවොත් අපි බලමු කවුද ඉල්ලන්නෙ කියලා. සියලු දේ තීන්දු කරන්නෙ ජනාධිපතිතුමා. මහමැතිවරණය තියන්න තීන්දු කෙරුවොත් මහමැතිවරණයක් පැවැත්වීමේ හැකියාවත් තියෙනවා”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ අද (18) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

දිළුම් අමුණුගම මහතා මීට ටික කලකට පෙර ඉතාම තදින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...