*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🍎කපටි නරියාගේ කාර් හා බාර් පර්මිට් ලොතරැයිය….?

🍎රනිල් රාජපක්ෂ නම අභිභවා අනුර කුමාර වික්‍රමසිංහ නම වෛරල්වීම… .?

🍎දේශපාලන නැව ගිලුනත්  බාලි බෑන්චූන්…..?

🍎දැන් නීතිය ඇමතිට හා යාචකයාටත් සමවීම…..?

🍎මාධ්‍යකරුවන් හමුවේ නත්තල් පප්පා ට ඇදීම…?

🍎ආරක්ෂක අංශ වලට නොකියා කපටි නරියා ගිය වෙඩිම…..?

🍎ඇමෙරිකාවෙදි T – 20 ක්‍රිකට් කප් ඩැහැගැනීම…..?

🍎 ලොව බෞද්ධයන් මිලි 550 ට ඇමෙරිකන් මහින්දගේ සුපිරි තෑග්ග…..?

🍎බොරු පfයිල්  130 ක් පෙන්නා ජවිපෙ සංදර්ශන දැම්මට එක පfයිල් එකකින් ඇමතනි ගෙදර යැවීම….?

🍎කෙහෙළියට ඉර පායන ලකුණු….?

          කපටි නරියා හෙවත් ස්මාට් වැඩ්ඩා කොළඹ සුපිරි හෝටලයකට හදිසියේම බැස්සේ ව්‍යාපාරික පුතෙකුගේ වෙඩිමටය. ආරක්ෂකයන් එය දැන සිටියේ නැතත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් දැන සිටියේය. ඔහු ඒ වනවිට අවශ්‍ය පසුබිම සකසා තිබිණ.

       බ්‍රිතාන්‍ය දේශපාලකයෙකු වූ නෙරන්ජන් දේවාදිත්‍ය ගේ ඥාති විවාහයකට ගොස් ගෙදර යනගමන්  කපටි නරිතෙමේ ඉහත කී වෙඩිමට ගියේය. ඔහු දුටු මඟුල් ගෙදර පිරිස විශ්මයට පත්වූහ.

      “මම එනව කියල කළින් කිවිව නම් ආරක්ෂක අංශ ඔයාල චෙක්කරනවා. දැන් ඒ ප්‍රශ්න නෑනේ” ජනපති කීවේ ව්‍යාපාරික ෂම්මි මුතුමාල ටය.

        ජනපති සිටි මේසයට උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති රාඝවන් ද ආවේය. එතන මාතෘකාව  ද ඊට  අදාළ වූයේ එහෙයිනි.

     “මටත් පිටරට ඉගෙන ගන්න යෝජනා ආවත් ලංකාවෙ උපාධියේ වටිනාකම දන්න නිසා කොළඔ විශ්ව විද්‍යාලයට ඇතුල් වුණා”ජනපති මීට පෙර නොකී දෙයක් කීවේය.

       “ලංකාවෙ ඉගෙනගෙන ඉහළට ගිය අය වගේම ලංකාවෙ බිස්නස් කරල ගොඩගිය අයත් ඉන්නවා” ජනපති දිනිත්ට කීවේ ෂම්මි පෙන්වමිනි.

     “පෞද්ගලික වි: විද්‍යාල ඇති වුණොත් පිටරට යන ඩොලර් මිලියන ගණන් ඉතිරියි. රට හදන බව කියන අයම පෞද්ගලික ඒවට විරුද්ධ වෙලා ඩොලර් පිටරට පටවල රට වැනසීමයි පුදුමෙ” රාඝවන් කීවේ සිනා මැදය.

       ගිය ඉරිදා පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීන් ජනපති හමුවූහ.

     “පක්ෂය තීන්දු කළාම අපි ඔබතුමා දිනවනවා. අරගලයෙන් ගිණි තියපු දේවල් වලට වන්දි කෝ” ඔවුහු ඇසුවෝය. සාගල එසැනින් මුදල් අමත්‍යොංශයට කතාකොට ඊට පදනම දැම්මේය.

      “අමාරුම කාලෙ මම බාරගත්තේ. දැන් ඔළුව උස්සගෙන යන්නේ. අවුරුදු වගේම වෙසක් දැනෙන්න සමරමු” කපටි නරියා කීවේය.

      “අස්වැසුම හා කෘෂි නවීකරණයට ගමේ මුල් තැන දෙන්න. ඔයාලගෙ ප්‍රශ්න බැසිල්තුමාට කියන්න”ජනපති කීය.

       සදුදා දේශපාලන හා සාමාන්‍ය කැබිනට් දෙකටම රනිල් ගියේ ඔළුවේ වැඩ රැසක් හිරකර ගෙනය. පසුව මන්ත්‍රිවරු 20 ක් සමග යන ඩීල් එකේ දෙවන කොටසද ඉටු කළේය.

     මහාචාර්ය ආශු හමුවට ආ දැරියක් ජනපතිට හමුවිය.

     “පොත් බෑග් එක බරයි” ඇය කීවාය.

     “ටැබ් දෙමු. ගියපාර සමහරු ඒක විනාශ කලානේ” ජනපති කීවේය.

     යන T – 20 ක්‍රිකට් පිළ හා රගර් ජයගුහණ ලැබූ පිළ් ජනපති හමුවුහ.

     “2014 දි වගේ මේ පාරත් අපි  කප්එක ගේනව නේද…. ඒත් රගර් ප්‍රගතිය නම් මදි” ජනපති කීය.

       “ගාල්ල කුරුණෑගල කෑගල්ලට රගර් ගෙනියනවා” ඇමති හරීන් කීවේය.

        ඇමෙරිකාව හා ලංකාව අතර පෙර නොවූ සබදතා දැන් වර්දනයවී තිබේ.එරට සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඇමෙරිකන් මහින්දට මෙන්ම ලංකාවට සමීප අයෙකි. ලංකාවට ගිය ඔහු ජනපති හා සාගල සමග වෙන වෙනම කතා කළේ ආර්ථිකය හා කලාපයේ නාවුක ආරක්ෂාව ගැනය.

      “අනවසර  සබ්මැරීන් ගමන් නවතන පියවරක් ඔිනෑ”ස්මාට් වැඩ්ඩා ගේ යෝජනාවට ඇමෙරිකාවේ ඉහළම ප්‍රතිචාර ලැබිණ.

      ඩොනල්ඩ් ලූ කොළඹ දී වැඩ අල්ලද්දී ඇමෙරිකන් මහින්ද ලෝකය පුරා විසිරුණු මිලියන 550 වන බෞද්ධයන්ට ගෞරව ලැබෙන සුපිරි ජයග්‍රහණයක් ලැබුවේය. එනම් ඔහුගේ ඉල්ලීමකට අනුව වෙසක් දිනය ලොව ප්‍රධානම නගරය ලෙස ගැනෙන ඇමෙරිකාවේ අගනුවර  වොෂින්ටනයේ නගරාධිපතිනිය මියුරියල් බවුසර් විසින් නිළ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය. අදාළ නිළ ප්‍රකාශනය ද වෙසක් වලට සතියක් තිබියදී ඇමෙරිකන් මහින්දට බාරදීම ද  සිදු කෙරිණ. ඇමෙරිකාවේ    වෙසෙන ස්වාමීන්වහන්සේලා පුමුඛ බෞද්ධයන් මේ ගැන දැඩි සතුටට පත්ව සිටිති.

      “බුදුන්ගේ තෙමගුල සිහිගන්වමින් ඇමෙරිකානු බෞද්ධයන් මිලි 03 ඇතුළු ලෝකවාසී බෞද්ධයන්ගේ අති උතුම් වෙසක් දිනය වොෂින්ටන් DC තුළ නිළ දිනයක් ලෙස නගරාධිපතිනිය ලෙස ප්‍රකාශයට පත් කරමි” එහි සඳහන් ය.

      පසුගියදා රැස්වූ එජාප කලමණාකරන කමිටුවේදී කලාප සංවිධායකයන්ගේ හැකියාව කතා බහට ලක්වූහ.

      “ජුනි 10 ට කලින් එයාල කාර්යාල අරින්න ඔින ” එහිදී තීන්දු විය.

      ජනපති තෙල්දෙනි ගියේ රු මි 520 ක උසාවි සංකීර්ණය විවෘත කරන්නටය.

     “එයාල ආවොත් හොරු අල්ලනවාලු. අපි හොරු රකිනවලු. හොරු රකින අපි හොරු අල්ලන නීති 75 ක් ගෙනාවා” නරියාගේ එම කතාව වෛරල් වූ අතර ඔහු “හූ” කීවේ කාටදැයි පැහැදිලිය.

        “එදා ඉදල හොරු අල්ලන  බොරු පfයිල් පෙන්නල රට රැවටුවාට හොරු අල්ලන එක යෝජනාවක් ජවිපෙ ගෙනැත් නෑ” ඇමති ෂෙහාන් කීය.

      “බොරු පfයිල්  130 ක් පෙන්නමින් සංදර්ශන කලා. එක පfයිල්  එකක් තිබුණ කෙනෙක් ඇමතිනියක් ගෙදර යැව්වා” ෂෙහාන් කීවේ සිනාමැදය

       “ජවිපෙ පfයිල්  හිඟන්නගෙ තුවාලෙ වගෙයි. පෙන්නලා රවටනවා. ආනන්ද විජේපාල වැලිඅමුණ ඉදලත් එක මිනිහෙක් උසාවි ගෙනිච්චෙ නෑ.දැන් හොරු අල්ලන්න රටේ බලය ඉල්ලනවා” වජිර කීවේය.

      “නීති ගෙනාව වගේම ඒව ක්‍රියාත්මක කරන්න ඔින. නිලධාරීන් පුහුණු කරන්නත් පොඩි කාලයක් යාවි” ජනපති කීය.

      “ඔබතුමාට රනිල් රාජපක්ෂ කිව්වට දැන් ජවිපෙ නායකයගෙ නම අනුර කුමාර වික්‍රමසිංහ කියල මතයක් හැදිලා” ආශු කීවිට නරියා ද කොක්හඬලෑහ.

     කෙහෙළිය මාස ගණනක් හිරේ තපිනවාය. එම පවුලේ ඉල්ලීමට මහින්ද රාජපක්ෂ ජනපති හමුවී ඉල්ලීමක් කල බව ද රඔුක්වැල්ල පවුලෙන් ජනපතිට ඉල්ලීම් කරන ලිපියක් ලබාදෙන එකගත්වයෙන් හමුව හමාර වූ බව ද සමාජ මාධ්‍ය වල පළවිය.

      “යහපාලන කාලෙ රනිල් ලොක්ක ඇමතිල දෙන්නෙක් පැන්නුවා. අද කෙහෙළිය හිරේ ඩයන නඩුව පරාදයි. අද නීතිය කාටත් එකයි. ඒ කාලෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් හිරේ තියා පොලිස් කූඩිවකවත් පැයක් හිටියද” ආශු සිය කාර්යාලයේදී ඇසූවිට එහි සිටි පිරිස මුහුණට මුහුණ බලා ගත්තේ හිස වනමිනි.

      “කළින් මහමැතිවරණය එනව කියල කොටස් වෙළෙද පොළේ ගේම් ගහපු අය එ්ක ප්‍රචාරය කරපු පත්තරයක ලොක්කන්ට හොදට සලකලාලු” එහිදී කියවින.

     ජනපති මාධ්‍යකරුවන් පිරිසක් හමුවුණේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් ගේ සැලසුමකටය.”ඇගපුරාම මොළේ මෙන්ම ඇගපුරාම ජනමාධ්‍ය බේරෙන කපටි නරියා එහිදී හොද හොද කතා කියා තිබුණ ද ඒවා ලීක් වුණේ නැත..

     “මන්ත්‍රීලට බාර් හා කාර් පර්මිට් දෙන්න එපා. ජනතා ප්‍රසාදය වැටේවි” ඔවුහු කීවෝය

     “ඕවා දේශපාලන මඩ හා ප්‍රලාප” දිනිත් කීවේ ජනපතිගේ ස්ථාවරයය. ඡන්දයක් අත ලග නිසාදෝ කපටි නරියා නත්තල් පප්පාට අදිමින් මාධ්‍යකරුවන්ගේ ගැටලු විසදීමට ද අමතක කළේ නැත.

    ඡන්දය අත ලගය. එහෙත් කපටි නරියා ඉන්දුනීසියා බාලි ජල සමුළුවේය. දේශපාලන  නැව ගිලුනත් නරියා ට කවදත් බෑන් චූන් ය. ඒ කලයුතු දේ ඔහුගේ ඇගේ නොව ඔළුවේ තිබෙන නිසා විය හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan