බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් ඉල්ලා අස්වීමට සැරසෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් තමන් මෙම තීරණයට එළඹුණු බවයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයකු පත්කරන තුරු තමන් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවත් හනීෆ් යූසුෆ් මහතා සිය නිවේදනයෙන් ප්‍රකාශ කරයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

අතිශයින්ම ධනවත් ව්‍යාපාරිකයකු වන හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වූයේ 2024 සැප්තැම්බර් 25 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...