ඩොලරය ඉහළ යන්නේ, රුපියල කඩා වැටෙන්නේ අපේ ආණ්ඩු පාලනයේ ගැටලුවක් නිසා නෙවෙයි – NPP චන්දන

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යමින් පවතින්නේ තම ආණ්ඩු පාලනයේ ගැටලුවක් නිසා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

“ඩොලරය ඉහළ යාම සහ රුපියල කඩාවැටීම අද ලංකාව ඇතුළේ වෙනවා නම් වෙන්නේ රාජ්‍ය පාලනයේ හෝ ආණ්ඩු පාලනයේ ගැටලුවක් නිසා නෙවෙයි කියන එක මේ රටේත් ලෝකයේත් සෑම සිහිබුද්ධියක් සහිත පුරවැසියෙකුටම තේරෙනවා. ඒකට බලපාලා තියෙන හේතුව තමයි ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානයේ යුදමය තත්වය නිසා භාණ්ඩ ප්‍රවාහනයට සහ බලශක්ති කේන්ද්‍රස්ථානවලට ඇතිවෙලා තියෙන බලපෑම සහ ඒවා අඩුවීන නිසා ලෝක වෙළඳපොලේ යම් ගැටලු තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. 2020 – 2022 සමයේ රුපියල කඩාවැටිලා ඩොලරය ඉහළ ගියේ අභ්‍යන්තර කළමනාකරණයේ ප්‍රශ්නයක් නිසා. වංචාව, දූෂණය, නාස්තිය නිසා. එතකොට අපිට ආණ්ඩුවක් හැටියට පැහැදිලිව කියන්න පුළුවන් එවැනි තත්වයක් දැන් නැහැ. ලෝක වෙළඳපොලේ ඇතිවෙච්ච තත්වයක් සහ බාහිර ෂොක් එකක්, එක්ස්ටර්නල් ෂොක් එකක් තමයි මේ ආර්ථිකයට බලපාලා තියෙන්නේ. ඒක අපිට විතරක් තනිව මැදිහත්වෙලා සෘජුව විසඳාගන්න පුළුවන් තත්වයක් නෙවෙයි මේ මොහොතේ තියෙන්නෙ”

චන්දන සූරිය ආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ දුම්රිය හරස් මාර්ග තුනකට සංඥා පද්ධති සවිකිරීම වෙනුවෙන් ඊයේ (17) කොස්ගමදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...