ජල,විදුලි,ඉන්ධන බිල් ඉල්ලා රාජ්‍ය ආයතන සඳහා තවත් චක්‍ර ලේඛයක්!

Date:

කොළඹ LNW:රාජ්‍ය ආයතන සඳහා තවත් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව ජුනි මස 30 දිනට පෙර සියලු රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන පරිභෝජනය පිළිබඳ දත්ත සියලුම ආයතන ප්‍රධානීන් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලබාදිය යුතුවෙයි.

2022.06.30 වැනිදා සිට 2022.12.31 දක්වා වූ කාලයට අදාළවයි එම තොරතුරු අමාත්‍යංශය විසින් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම මේ වසරේ ඉදිරි මාස 06 සඳහා බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් කාර්යයන් පිළිබඳව තොරතුරු ද ලබාදෙන ලෙස ද දැනුම් දී තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මතයි ක්‍රියාත්මක කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...