චමරි මුල් දහයේ රැඳෙයි – හර්ෂිතා,නිලක්ෂි සහ ඉනෝකාත් පෙරට

Date:

ජාත්‍යන්තර ක්‍රීඩිකා වර්ගීකරණයේ දී ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී පිතිකරු ශ්‍රේණිගත කිරිම් හී රැඳී සිටි නවවන ස්ථානය රැක ගන්නට සමත් වි සිටින අතර ඇය එක්දින ජාත්‍යන්තර තරගවලදී ඒ දක්වා රැදී සිටි අටවන ස්ථානයේ සිට පියවරක් ඉදිරියට පැමිණ හත්වන ස්ථානය දක්වා ඉහළ නැඟ තිබෙනවා.
එක්දින පිටියේ පිතිකරු දක්ෂතා අතර කැපී පෙනෙනම ප්‍රගතිය අත් කරගෙන සිටින ශ්‍රී ලංකා පිතිකාර්‍නිය වන්නේ හර්ෂිතා මාධවී යි.ඇය ස්ථාන 13 ක් පෙරට පැමිණ මේ වන විට 36 වන ස්ථානයට පැමිණ තිබෙනවා.එසේම 51 වන ස්ථානයේ සිටි නිලක්ෂි ද සිල්වා ද ස්ථාන තුනක් ඉදිරියට පැමිණ 48 වන ස්ථානය දක්වා සිය ස්ථානය ඉදිරියට ගෙනවිත් තිබෙනවා.හැට අටවන ස්ථානයේ සිටි කවීශා දිල්හාරි ට ද ස්ථාන 12 ක් පෙරට පැමිණ 56 වන ස්ථානය සටහන් කර ගන්නට හැකි වීම අගය කළ යුතුයි.

මැත කාලයේ ජාත්‍යන්තර පිටියේ වැඩි අවධානයක් දිනා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නිය වන ඉනෝකා රණවීර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදී 16 වන ස්ථානයට පැමිණ තිබෙන්නේ 18 වන ස්ථානයේ සිටයි.ඕෂධි රණසිංහ විශාලතම ප්‍රගතිය පෙන් වූ පන්දු යවන්නිය වන අතර ඇය ස්ථාන 13 ක් පෙරට පැමිණ 44 වන තැන සටහන් කරගෙන තිබෙනවා.වේග පන්දු යවන්නී උදේශිකා ප්‍රබෝධනී ද එක්දින පන්දු යවන්නියන් අතර ස්ථාන නවයක් පෙරට පැමිණ 46 වන තැන රැඳෙන අතර අතිරේක පන්දු යවන්නියක් සේ බොහෝ විට මේ වන විට කටයුතු කරමින් සිටින චමරි අත්පත්තු ඇයගේ පන්දු යැවීමේ හැකියාව විඳහා දක්වමින් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී 58 වන තැන සිටින්නේ ස්ථාන 13 ක් පෙරට පැමිණයි.

විස්සයි විස්ස එක්දින පිටියේ මේ වන විට කැපී පෙණෙනම පිතිකාරිණිය බවට පත්වෙමින් සිටින හර්ෂිතා මාධවි 32 වන තැන සිට 27 වන තැනට උසස් වී තිබෙනවා.60 වන තැන සිටි නිලක්ෂි ද සිල්වා දැන් සිටින්නේ 51 වන තැනයි.පසුගිය කාලයේ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව ැබූ ජයග්‍රහණ වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙණුනම ක්‍රීඩිකාව වූ ඉනෝකා රණවීර මේ වන විට 12 වන තැනට පැමිණ තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම් හී 16 වන තැන සිටයි.කාලයක සිට ඉනෝකාගේ දඟ පන්දු යවන ප්‍රධාන සහයිකාව වූ ඕෂධී රණසිංහ යම් පසුබැස්මක් පෙන් වුව ද,සුගන්ධිකා කුමාරි මේ වන විට ස්ථාන නවයක් පෙරට පැමිණ 33 වන තැන සිටින අතර වේග පන්දු යවන උදේශිකා ප්‍රබෝධනී විස්සයි විස්ස පිටියේ ද සාර්ථක වෙමින් ස්ථාන 11 ක් පෙරට පැමිණ 38 වන තැන ලබා ගෙන සිටිනවා.

ශෂිකලා සිරිවර්ධනගෙන් පසුව ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් බලාපොරොත්තුවක් නිවැරදිව හඳුනාගන්නට නොහැකි වි ඇති අතර වඩාත් අවධානය දිනූ චමරි අතපත්තු මේ වන විට පිතිකරණයට පමණක් අවධානය යොමු කරන තත්ත්වයක සිටින බැවින් ඇය 13 වන ස්ථානයේ සිට තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස 15 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.එක්දින පිටියේදී චමරි යම් ප්‍රගතියක් පෙන්වමින් ස්ථාන තුනක් පෙරට පැමිණ 13 වන ස්ථානයේ රැදී සිටියත් මේ මොහොත වන විට ශ්‍රී ලංකාව තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස කවීශා දිල්හාරි මෙන්ම තවමත් අවස්ථාවක් නොලද දෙව්මි විහංගා ගැන ද අවධානය යොමු කළ යුතුව ඇත.මන්ද මේ වන විට වේගවත් තරග රටා හිමි විස්සයි විස්ස මෙන්ම එක්දින ජාත්‍යන්තර රටාවේදි වඩාත් කැපී පෙණෙන්නට කණ්ඩායමක් සතුව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය අත්‍යවශ්‍යය සාධකයක් බවට පත් වී ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...