රුමේශ්ට SLAAJ වෙතින් නවතම Honda Vezel මෝටර් රථයක් තෑගි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW :

ජපානයේ නගෝයා හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැවති පැසසුම් උත්සවයකදී, රන් පදක්කම්ලාභී රුමේශ් තරංග වෙත නවතම හොන්ඩා වෙසෙල් (Honda Vezel) මෝටර් රථයක් ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය (SLAAJ) විසින් ප්‍රදානය කර තිබේ.

මෙම තිළිණය ප්‍රකාශයට පත් කරන ලද්දේ නගෝයා සිට කණ්ඩායම පිටත්ව යාමට පෙර දිනයේ පැවති උත්සවයකදීය.

“අපි රන් පදක්කමක් දිනා ගන්නා සෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුටම අලුත්ම වාහනයක් පිරිනැමීමට තීරණය කළා. ක්‍රීඩා උළෙලට සහභාගී වූ සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි මේ පැසසුම් උත්සවයට ආරාධනා කළ අතර, උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී රන් පදක්කමක් දිනා සිටියේ තරංග පමණයි,” යනුවෙන් ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ නගෝයා පළාතේ උප සභාපති නිශාන්ත මීගල්ල මහතා පවසා ඇත.

ලෝකයේ පෙරමුණ ගෙන සිටින තරංග, ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හෙල්ල විසිකිරීමේ පදක්කම දිනා දුන් අතර, මීටර් 88.55 ක දුරක් විසි කරමින් එම ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...