*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඡන්ද වාසි ගන්න මත්පැන් බලපත්‍ර බෙදන අයට නුදුරේදිම උසාවියට එන්න වෙනවා – විපක්ෂ නායක සජිත්

බුදුදහමට මුල්තැන දෙන එක ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් අශිෂ්ඨ දුස්චරිත සමාජයක් බිහි කිරිමට මුල්වන මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි ප්‍රවර්ධනය වන යුගයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් පෞද්ගලික ලාභ ප්‍රයෝජනය උදෙසා මෘදු මත්පැන් බලපත්‍ර, තැබෑරුම් බලපත්‍ර තමන්ට රිසි සේ විවිධ මිල ගණන්වලට අලෙවි වන බවත් ඒ අලෙවියට පාර්ලිමේන්තුවේ 225ත් ගොදුරක් කර ගන්නට දැවැන්ත උත්සාහයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියා වර්තමානයේ විවිධ ප්‍රබලයන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක බවත් විහාරස්ථාන, පල්ලි කෝවිල් දේවස්ථාන, පාසල් ආසන්නයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ යැයි කියා මෙවැනි මත්පැන් බලපත්‍ර බෙදා දීම වැරදි ක්‍රියාවක් බවත් මත්පැන් අවම වූ ජන සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය මෙවැනි ක්‍රියාදාමවල නිරතවන සියලු දෙනාට නීතිය හමුවට පැමිණිමට සිදුවන බවත් මැතිවරණය ඉලක්ක කර ගෙන විවිධ ලාභ ප්‍රයෝජන උදෙසා මත්පැන් බලපත්‍ර සූදුවේ නියැලෙන අයට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා එක් වූ අවස්ථවේදීය. මෙහි දී සසුනට අරුණ වැඩසටහන යටතේ මෙම ත්‍යාග සඳහා රුපියල් ලක්ෂ 12ක මුදල් අනුග්‍රහයක් ලබා දෙන ලදී.

අද දහම් පාසල්වල වටිනාකම අමතක වෙලා

දහම් පාසල්වලින් ඉටු වෙන වටිනා කාර්යභාරය අද සමහර අයට අමතක වී ඇති බවත් පුද්ගලයකු භෞතික අතින් ප්‍රවර්ධනය වෙනවා සේම ආධ්‍යාත්මික අතින් සත්ගුණවත්, සුපිරිසිදු, නිර්මල, ප්‍රශස්ත, ප්‍රබුද්ධ ජන සමාජයේ සාමාජිකයකු බවට පත් කරන්නට දහම් අධ්‍යාපනය ඉවහල් වන බවත් අතීතයේ දහම් අධ්‍යාපනය හොඳින් ක්‍රියාත්මක වුවත් කාලයාගේ ඇවෑමෙන් දහම් අධ්‍යාපනය දේශපාලන සටන් පාඨයක් බවට පත් කර ගෙන පූජනීය සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගෙන දහම් වර්ධනය වෙනුවට දේශපාලන ප්‍රවර්ධනයන් සිදු කිරිම නිසා දහම් පාසල් කඩා වැටුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුදහමට මුල්තැන ලබා දෙමින් සෙසු ආගම් ආරක්ෂා කළ යුතුයි

සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුරදේවතාවන් වන මහා සංඝරත්නය කුමන අවස්ථාවකදීවත් කුමන ආකාරයකින්වත් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ කර නොගත යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන්ව ඇති බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම රැක ගැනීම මෙන්ම සම්බුද්ධ ශාසනයට හා බුදුදහමට මුල්තැන ලබා දෙමින් රට තුළ ඇති සෙසු ආගම් ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දහම්පාසල් සහතිකයට නිසි වටිනාකමක් ලැබිය යුතුයි

මීට පෙර දහම්පාසල් ගුරු සහතිකයට රජයේ රැකියා සම්මුඛ පරීක්ෂණවල දී වෙනමම ලකුණු ලබා දුන් බවත් අද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන බවත් ධර්මාචාර්ය විභාග සමත්වන දරුවන්ට නිසි වටිනාකමක් නිසි ඇගයීමක් ලබා දිය යුතු බවත් ඒ යුතුකම සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දහම් අධ්‍යාපනය සිදු කරන ගුරු භවතුන් ශක්තිමත් කරමින් දිරි ගන්වමින් දහම් පාසල් ගුරු සහතිකයට එදා ලබා දුන් වටිනාකම ඉදිරියේදී ලබා දෙන්න සැලසුම් කර ඇති බවත් මෙරට සෑම ආගමික සිද්ධස්ථානයක්ම සමාජයේ යහපත උදෙසා සාමකාමී යුක්තිගරුක සමාජයක් නිර්මාණය කිරිමට යොදාගත හැකි බවත් මේ සදහා සුපුරුදු දහම් පාසල් සුහුරු දහම් පාසල බවට ප්‍රතිනිර්මාණය කර සුහුරු රටක් ගොඩනැගිය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan