ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් සකස් නොකළහොත් තමා ඉල්ලා අස්වන බව ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍ය Benny Gantz අනතුරු අඟවා තිබේ.

ගාසා හි හමාස් පාලනය අවසන් කිරීම සහ භූමිය සඳහා බහුජාතික සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුළුව “උපායමාර්ගික ඉලක්ක” හයක් ඉටුකර ගැනීම වෙනුවෙන් ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍ය වරයා ලෙස Benny Gantzපත් කරන ලදී.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මාස ගණනාවක් තිස්සේ තමන් නැවත නැවතත් මෙම ගැටලුව මතු කළ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. කෙසේ නමුත්, Benny Gantz අගමැතිවරයා වෙත ප්‍රකාශ කර තිබුණේ, ඔබ උමතුවාදීන්ගේ මාර්ගය තෝරාගෙන මුළු ජාතියම අගාධයට ගෙන ගියහොත්, අපට රජයෙන් ඉවත් වීමට බල කෙරෙනු ඇති බවත්, සියලුම ඊශ්‍රායල් වැසියන් ඔබ දෙස බලා සිටින බවත්ය.

කෙසේ නමුත්, යුධ අමාත්‍යවරයාගේ ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් අගමැති නෙතන්යාහු කියා තිබුණේ, Gantz මහතාගේ ඉල්ලීම් ඉටු කිරීම යුද්ධය අවසන් කිරීම සහ ඊශ්‍රායලය පරාජය කිරීම, ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් අතහැර දැමීම, හමාස් සංවිධානය නොනැසී තබා පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා හේතු වනු ඇති බවයි.

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත තල්ලු වීමෙන් අනතුරුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...