ජපානයේ පැවත්වෙන ලෝක පැරා තරග පිටියට හෙට සිට ලාංකික තරගකරුවෝ එකතු වෙති

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 19, කොළඹ (LNW): ජපානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ග්‍රෝන් ප්‍රී සූරතාවලියේ ශ්‍රී ලංකාව නියෝජනයේ තරග සහභාගීත්වය මැයි 20 වන දා සිට ක්‍රියාත්මක වන්නට නියමිතය.17 වන දින ඇරඹි තරගය 25 වන දා නිමාවීමට නියමිත අතර 20 වන දා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් තරග බිමට පිවිසෙන්නේ ඉන්දික ගමගේ ය.වයි.කේ කුලරත්න යටතේ පුහුණුව ලබන ඉන්දික ටී 44 කාණ්ඩයෙන් මීටර් 100 ට ඉදිරිපත් වන අතර 22 දා දුර පැනීමේ ඉසව්වට සහභාගිවීමට නියමිතය.


සමිත දුලාන් 21 වන දා එෆ් 44 කාණඩයෙන් හෙල්ල වීසි කිරීමේ තරගය නියෝජනය කරන අතර 24 වන දා එෆ් 46 කාණ්ඩයෙන් හෙල්ල වීසි කරන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත යන දෙදෙනාම පුහුණු කරනු ලබන්නේ ප්‍රදීප් නිශාන්ත ය.24 වන දා නලින්ද සෙනරත් යටතේ පුහුණුව ලබන්න ජනනි ධනංජනා දුර පැනීම ඉසව්වට ඉදිරිපත් වන අතර 25 වන දා ඇය ටී46 කාණ්ඩයෙන් මීටර් 200 තරගයට ද සහභාගි වන්නේය.
මැයි 24 වන දා ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රදීප් සෝමසිරි ද තරග බිමට පිවිසෙන්නේය.මීටර් 1500 ඉසව්ව නියෝජනය කරන ප්‍රදීප්, සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබන්නේ ය.ඔහු තරග වදින්නේ ටී 46 කාණ්ඩයෙන්ය.මැයි 25 තරග වඳින පාලිත බණ්ඩාර සහභාගි වන්නේ එෆ් 42 කාණ්ඩයේ කවපෙත්ත වීසිකිරීමේ ඉසව්වටය.පාලිත පුහුණුව ලබන්නේ ධනුෂ්ක පෙරේරා යටතේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...