ඩීසල් ප්‍රශ්නය නම් අද හෙටම විසඳෙයි – පෙට්‍රල් ආවොත් අපි බෙදනවා! (VIDEO)

Date:

ඉන්ධන පිරවුම්හල් තුළ තිබෙන ඩීසල් තදබදය අද හෙට අවසන් වනු ඇති නමුත් පෙට්‍රල් බෙදා හැරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැති හෙයින් ඉන්ධන පිරවුම්හල් තුළ නිකරුණේ කාලය ගත කිරීමෙන් පලක් නැති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

ඊයේ පෙට්‍රල් නැව ගොඩබෑමක් සිදුවුණාද නැද්ද යන්න පිළිබඳ දැනුවත් වීමක් නැති හෙයින් පෙට්‍රල් බෙදා හැරීමේ හැකියාව ගැන නොදන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අවස්ථාව වන විට සිදුවන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පෙට්‍රල් බෙදාහැරීම බවද සිල්වා මහතා කියා සිටියි.

පෙට්‍රල් ගොඩ බෑමේ කටයුතු අවසන් වූ වහාම අවශ්‍ය ඕනෑම මොහොතක එම බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

16 වැනිදා අනිවාර්යයෙන් වැඩ භාරගන්නවා – බල්තසාර් (VIDEO)

කොළඹ LNW:එළඹෙන 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ වැඩ...

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : මේ වනවිට ...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නිවසේ සේවිකාවක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

 Donald Tusk ගේ විශ්වාසභංග අභියෝගය!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : නව ආරම්භයක් බලාපොරොත්තුවෙන්...