Tuesday, September 26, 2023
spot_img

Latest Posts

තත්ත්වය දැන් නම් හොඳයි.දැන් යන්න අදහසක් නැහැ – මහ බැංකු අධිපති

පසුගිය වර තමන් කතා කළ මොහොතට වඩා මේ වන විට රට තුළ නිවැරදි මාවතක් වෙනුවෙන් ප්‍රගතියක් ඇති බව පෙනෙන්නට ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව තවදුරටත් සාර්ථකව වැඩ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් පවතින බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

”ගියවර මා කතා කරන මොහොතේ පැවති දේශපාලන අස්ථාවරභාවය දිගටම පවතිනවා නම් මහ බැංකුවක් වශයෙන් මොන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් ඒවා සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවිට මට නෙවෙයි කාට වුණත් ඒ ආකාරය කරන්න අමාරුයි. ඒ නිසා එහෙම අවස්ථාවකදී මම අනතුරු අඟවා සිටින්න වෙනවා. එයයි මම ඒ වෙලාවේ ප්‍රකාශ කළේ. එදා තිබුණ තත්ත්වය සහ අද තිබුණ තත්ත්වය බලන කොට දැනට යම්කිසි ආකාරයක පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් පත්කරලා තිබෙනවා. එදා කැබිනට් මණ්ඩලයක් තිබුණෙත් නැහැ අගමැතිවරයාත් ඉල්ලා අස්වෙලා තිබුණේ. අද වෙනකොට යම්කිසි නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. රටේ තිබුණ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්පූර්ණයෙන් නැති වෙලා සාමකාමී තත්ත්වයක් තියෙනවා. මේ වෙද්දී යම්කිසි නිවැරදි මාවතකට ප්‍රගතියක් තියෙනවා කියල තමයි මම දකින්නේ. ඒ නිසා මගෙන් ගොඩදෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා යන්නත් එපා කියල. ඒක ගැනත් මගේ හිතේ තියෙනවා. ඒ නිසා තවදුරටත් වැඩකටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් මගේ හිතේ තිබෙනවා.”

පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරභාවය දිගටම පැවතුන හොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර තිබුණි.

එහෙත අද (19) පැවති මාධ්‍ය හමුවේදී සුභවාදී ලෙස ඔහු අදහස් පළකර තිබුණේ ඉහත පරිද්දෙනි.

ASK

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.