රට බේරලා දෙන්නැයි ජනාධිපති ඉල්ලුවා, රනිල් අගමැතිකම බාරගත්තෙ ඒකයි – රංගෙ බණ්ඩාර

Date:

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වූයේ නීත්‍යනුකූලව බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් හා සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද සියල්ල සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවද ලේකම්වරයා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වැනි වගන්තිය කියවීමෙන් එය තහවුරු කරගත හැකි බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කරයි.

එජාප නායකයා අගමැති තනතුර ඉල්ලා නොසිටි බවත්, ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව එම තනතුරට පත් වූ බවත් ඔහු පවසනවා. රට බේරා ගන්නා ලෙස ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීම ඉවත දැමීමට වගකිව යුතු පක්ෂ නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බවද එජාප ලේකම්වරයා සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර අතහැරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින්, අගමැති තනතුර බාර ගන්නැයි විපක්ෂ නායකයා ඇතුළු පාර්ශ්ව රැසකට ආරාධනා කළ නමුත් ඒ සියලු පාර්ශ්ව එම ඉල්ලීම නොසලකා හැරි බව පෙන්වා දෙන එජාප ලේකම්වරයා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් එම ආරාධනාව බාරගත් බවයි.

අගමැති තනතුරට පත්වන්නැයි ආරාධනා කළවිට, විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ප්‍රතික්ෂේප කළ සමගි ජන බලවේගය, දැන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර බාරගත් පසු සහාය දීම වෙනුවට විවිධ බාධා එල්ල කරමින් සිටින බවද පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කොන්දේසි ඉටු කරන තෙක් බලා සිටියේ නම් ශ්‍රී ලංකාවක් සොයා ගැනීමටවත් නොහැකි වනු ඇති බවත්, ආණ්ඩුවක් නොමැතිව රටකට ඉදිරියට ගමන් කළ නොහැකි බවත් එජාප ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...