පොහොට්ටුව තීරණයක් ගන්න සූදානමින් – ගේනවා කියූ 25 ගේන්න බැසිල් රනිල්ට දින දෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය කාලය තුළ පැවැත්වුණා.

ඉතාම සීමිත පිරිසක් සගභාගී වුණු ඒ සාකච්ඡාවල සම්පූර්ණ තොරතුරු දැනගන්න ලැබුණේ නැහැ. නමුත් ඒ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වුණු බව තමයි කියැවුණේ.

මේ සාකච්ඡාවල අලුත්ම තත්වය ගැන අභ්‍යන්තර ආරංචිමාර්ග කියන්නේ මෙහෙමයි,

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වෙද්දී සමගි ජන බලවේගයෙන් ලොකු පිරිසක් ආණ්ඩුවට ගේන බවට පොරොන්දු වෙලා තිබුණා. නමුත් මේ දක්වාම ඒක කෙරුණේ නැහැ. ජනාධිපතිවරණයට තව තියෙන්නේ ඉතාම සීමිත කාලයක් නිසා ඒ ගේනවා කියපු මන්ත්‍රීවරුන් 25 දෙනා ජුනි 15 වෙනිදාට කලින් ආණ්ඩුවට ගේන්න කියලා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට කියලා ලු.

සජබෙන් යම් පිරිසක් ආණ්ඩුවට එකතු වෙන්න ඉන්න බවට පසුගිය අවුරුදු දෙක පුරාම විටින් විට කතා පැතිරුණත් ඒ කතා ආව වේගෙන්ම ආපහු යට ගියා. ජුලි මැද වෙනකොට ජනාධිපතිවරණය කැඳවන්න මැතිවරණ කොමිසමට කොහොමත් බලය යන නිසා මැතිවරණ මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්‍රමාද කිරීම පාඩුවක් බවටයි පොහොට්ටුවේ මතය වෙලා තියෙන්නේ.

ඒ අනුව ජුනි 15 වෙනිදා වෙනකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයෙන් 25 දෙනෙක් කඩන්න බැරිවුණොත් ජනාධිපතිවරණය ගැන පොහොට්ටුව තමන්ගේ තීරණය ගන්න නියමිතයි ලු.

අදින් පටන් ගන්නේ වෙසක් සතිය. මේක ගෙවෙද්දී මැයි මාසයත් අවසානයට එනවා. ජනාධිපතිවරණ උණුසුම එන්න එන්නම වැඩිවෙද්දී තත්වයන් කොහොම වෙනස් වෙයිද කියන එක අපට දැන්ම කියන්න බෑ. ඉතින් බලාගෙන ඉන්නයි තියෙන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...