දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/20

Date:

  1. ඩිජිටල් වේදිකා තුළ ක්‍රියාත්මක වන අන්තර්ජාල අලෙවිකරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි: මෙමඟින් පාරිභෝගික අයිතීන් සුරැකීම අපේක්ෂා කරන අතර, මාර්ගගත ගනුදෙනුවල විවිධ අදියරයන්හිදී පාරිභෝගික සුරක්ෂිතතාවය තහවුරු කිරීම අපෙක්ෂා කරන බව ද එම අධිකාරියේ ප්‍රධානී ශාන්ත නිරිඇල්ල පවසයි.
  2. ඩිජිටල් ආර්ථිකයක් කරා ළඟා වීම කඩිනම් කිරීම පිළිබඳ සවිස්තර වාර්තාවක් මසක කාලයක් තුළ ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් දෙයි; ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් වළක්වා ගැනීමේ වැදගත්කම සහ එය ක්‍රියාවට නැංවීම වේගවත් කිරීම තුළින් ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ අවධාරණය කරයි.
  3. උමාඔය ජල විදුලි බලාගාරයේ ඒකක දෙකක් මෙම වසරේ විදුලිය උත්පාදනය සඳහා ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: මෙමඟින් “ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක සැලකිය යුතු ජල විදුලියක්” එක්කරනු ඇති බව පව ද පවසයි: 01 වන ඒකකය මෙම වසරේ අගෝස්තු මාස ද, 02 වන ඒකකය සැප්තැම්බර් මස ද ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත.
  4. ජනාධිපති මන්දිරයේ තිබී අරගලයේ ක්‍රියාකරුවන් විසින් සොයා ගනු ලැබූ විශාල මුදල් තොගයට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ට එරෙහිව ගොනුකළ පෞද්ගලික පැමිණිල්ලට එරෙහිව එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීම 2023 මැයි 22 දක්වා කල් යයි.
  5. ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී, සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ: මෙම වසර මැයි 19 වන දිනට තිස් වසරක් මුළුල්ලේ පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර වසර 14 ක් සපිරේ.
  6. සංචලතා අභියෝග සහිත පුද්ගලයන් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමේ හැකියාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සලකා බලමින් සිටින බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි: එවැනි පුද්ගලයන්ගේ ඡන්දය ඔවුන්ගේ නිවසට පැමිණීමෙන් පසු එකතු කරන බවත්, එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බවත් පෙන්වා දෙයි.
  7. කොළඹ වරාය නගරයේ පස් අවුරුදු සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවට ඇ.ඩො. බිලියන 5.6 ක සෘජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බව වාර්තා වේ: මෙය, සේවා අපනයන කර්මාන්තයේ ප්‍රමුඛතම තරඟකරුවකු ලෙස වරාය නගරය සහ ශ්‍රී ලංකාව යන දෙකම ස්ථානගත කිරීමට උපකාරී වනු ඇති බව CHEC Port City නියෝජ්‍ය කලමනාකර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ පවසයි: එමෙන්ම මෙමඟින් “කලාපයේ පළමු බහු-මුදල්, සේවා අපනයන විශේෂ ආර්ථික කලාපය ලෙස ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ ක්‍රියාකාරකම් කරා ළඟා වීමට අපේක්ෂා කරන” බව ද පවසයි.
  8. “ශ්‍රී ලංකාවේ අතීත යුධ තත්ත්වයට අදාළව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද සමූලඝාතන පිළිබඳ සාහසික ප්‍රකාශය” අවිවාදයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි: “ජාතියක නායකයකු විසින් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කරනු වෙනුවට මෙවැනි වගකීම් විරහිත ගැටුම් ඇතිකරනු ලබන ප්‍රකාශ ඔස්සේ දෙරට තුළ අසමඟිය සහ වෛරය ඇති කරන” බව ද පවසයි.
  9. විදෙස්ගත ගනුදෙනුකරුවන් සමඟ ව්‍යාපාර හරහා ඇමරිකානු ඩොලර්වලින් ගෙවීම් ලබන ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන්ට විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ඉල්ලා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරයි.
  10. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ (ICC World Cup Qualifiers) සඳහා නම් කරන ලද මූලික කණ්ඩායමට ඇතුල් කෙරේ: ආබාධවලින් පසුවන ආරම්භක පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ශංක සඳහා ආවරණයක් ලෙස කරුණාරත්න එක්කර තිබේ: කරුණාරත්නට “ඉහළ පෙළ පිතිකරුවෙකු ලෙස විශාල අත්දැකීම් තිබෙන බැවින්, මෙම අදියරේදී ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වන” බව ක්‍රීඩා විචාරකයහු පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...