*
Saturday, April 27, 2024
spot_img

Latest Posts


කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප වෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවූ ජන සංහාරය පිළිබඳ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර ඇත .

මෙහිදී මැයි 18 වනදා දෙමළ ජන සංහාර දිනයක් ලෙස කැනේඩියානු අගමැතිවරයා සඳහන් කර තිබුණු අතර , මීට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ රටක ප්‍රමුඛ පෙළේ නායකයකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී ප්‍රකාශ සිදුකිරීම නිසා සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වන බවය.ඉ

ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින්, මෙරට විජයග්‍රහණයේ සැමරුම සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා පවසා තිබුණේ,  වසර 14 කට පෙර මුල්ලිවයික්කාල් හි සිදුවූ සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවයි .

මැයි 18 යනු දෙමළ ජන සංහාරය සිදුවූ දිනය සිහිගන්වන්නක් බවට සිය පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව යෝජනාවක් ද සම්මත කළ බව ඔහු පවසන අතර , සිවිල් යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සහ දිවිගලවා ගත් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කැනඩාව කිසිදා අත්නොහරින බව ද ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර ඇත .

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණු අතර “ජන සංහාරය” යන්න පදනම් විරහිත ප්‍රකාශයක් බව  අමාත්‍යාංශය පෙන්වාදෙයි.

විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙසත්, වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත්,  ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan