පිච්චිලා මැරුණ උන් ආදාහනය කරන්න පුළුවන්ද ?

වෙලාව ආ බව කියන්නත්
වෙලාව නොලද මුත්
වෙලාව ළඟ බව කියාගෙන
නොකියාම ගිය සෝයුරනි
ඉතින් අපි ළඟදීම ආයෙ හමුවිය යුතුය

එකිනෙක ගැටෙන මධු බඳුන්
අතිතන දුවන දුම්වැටි
දැවි දැවී නිවෙන
එකම මඟකම දිවෙන සිහිනයන්

නොවැම්බරයම පමණක් නොව
හැම මාසයම මළවුන්ගේ මාස ය.
දෙනක සැතපෙන හෝ
තවම ඇවිදින
මළවුන්ගේ මාස ය.

තරාදි අතර උඩ පහළ ගියත් අන්තිමේ ඉතුරු වෙන්නෙම නරකාදි
ගරාදි වැටට එපිට හිටියත් මෙපිට හිටියත් මේ සමාජෙට අපි විරෝදි
පරාදිත වෙලා ඉන්න එක සැපක් දිනපු උන් කනු දකින විටදි මඩ ගොරෝදි
තිරාදිටනින් මෙහෙම්මම ඉමු මචං මාරයා ඇවිත් අත වනනු තුරු හවසකදි ….

~ රුවන් නෙලූ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: චීනය ඉරානය සහ...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 03) දිනයේදී දකුණු සහ...

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...