ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහතට!

කොළඹ LNW:ගල්ෆ් කලාපයේ යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහළ වැටී තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇමරිකානු ඩොලර් 104.77ක් ලෙස සටහන්ව ඇති අතර ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමේ ලකුණු පහළ වීම මෙලෙස මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.

ඉරානය ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සමඟ මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

දැඩි කොන්දේසි යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද ඉරානය යෝජනා කර තිබේ.

මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත නව සාකච්ඡා පැවැත්වීමේ හැකියාව පිළිබඳ ලිපියක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එය මාස කිහිපයකට පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ඉරානය සම්බන්ධයෙන් ගත් ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබේ නුවන් පහණින් යලි එළිය ලැබේවා…… අමරණීය අමරදේව මතකාවර්ජන!

සටහන : සශිකලා මධුෂාණී හෙළයේ මහා ගාන්ධර්වයා දැයෙන් සමුගෙන දස...

පිච්චිලා මැරුණ උන් ආදාහනය කරන්න පුළුවන්ද ?

වෙලාව ආ බව කියන්නත්වෙලාව නොලද මුත්වෙලාව ළඟ බව කියාගෙනනොකියාම...

චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: චීනය ඉරානය සහ...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 03) දිනයේදී දකුණු සහ...