*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අධික වර්ෂාවෙන් පවුල් 9419ක් ආපදාවට! සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක් විවෘතයි

කොළඹ LNW:පෙර මෝසම් තත්ත්වය සක්‍රීය වීම නිසා පසුගිය 15 වැනිදා සිට අද (21) උදෑසන කාලය දක්වා ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 9419ක පුද්ගලයින් 35357ක් ආපදාවට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

වැඩිම ආපදාව පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර කොළඹ, පුත්තලම සහ කළුතර යන දිස්ත්‍රික්ක වල සුරක්ෂා මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර තිබෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

ඒ අනුව එම මධ්‍යස්ථාන වල පවුල් 554ක පුද්ගලයින් 1852ක් රැඳී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙන බවත් හෙතෙම කියාසිටියි.

රත්නපුර, කොළඹ, කෑගල්ල, මහනුවර, ගාල්ල, කළුතර, පුත්තලම, ගම්පහ, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලට ලැබුණු අධික වැසි හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්ව,පස් කඳු නිවාස මත කඩාවැටීම්,මාර්ග වලට ගල් පෙරලීම් සහ අධික සුළං නිසා ඇති වූ නිවාස ඇතුළු දේපළ හානි වාර්තා වී තිබෙන අතර තිදෙනෙකුට තුවාල සිදුව ඇති බවත් අර්ධ නිවාස හානි 176ක් වාර්තා වී ඇති බවත් දැක්වෙයි.

වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, බදුල්ල ඇල්ල යන ප්‍රදේශ වල මාර්ග අවහිර වීම හේතුවෙන් ගමනාගමන දුෂ්කරතා මතුව තිබේ.

රාජාංගනය, අංගමුව, මහවිලච්චිය, දැදුරුඔය, උල්හිටිය, තබ්බෝව සහ කුකුළේගඟ ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති හෙයින් පහළ ද්‍රෝණිවල ජීවත් වන පිරිස් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

හදිසි ආපදා තත්ත්වයක් නම් 117 අංකයට දැනුම් දෙන ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලගුණ දෙපාර්තමේන්තුව,වාරිමාර්ග දෙපාර්තමේන්තුව,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන සහ ධීවර අමාත්‍යාංශය විසින් නිකුත්කරන අවවාදාත්මක නිවේදනයන් ගැන විමසිල්ලෙන් පසුවන ලෙසද ආපදා කළමනකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

මේ අතර සහන සේවා සඳහා මෙන්ම ආපදා කළමනාකරණය සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සහන කණ්ඩායම් යොදවා තිබෙන අතර ජලය පිරුණු ස්ථාන අනතුරුදායක හෙයින් එම ස්ථානවලින් බැහැර වන ලෙසත් එවැනි ස්ථානවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙසත් හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan