*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රට ගොඩනගන්න නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතුයි – විපක්ෂ නායක

කොළඹ LNW:අප රට ගොඩනගන්න නම් ජන සමාජය තුළ, රාජ්‍ය තන්ත්‍රය තුළින් දූෂණය ඉවත් කළ යුතු බවත් දූෂණය වංචාව හොරකම මංකොල්ලකෑම පිටුදකින ක්‍රමවේදයක් ගෙන ආ යුතු බවත් හොරු අල්ලන්න බලය දෙන්න කියා ඉල්ලනවා වෙනුවට බලයක් නොමැතිව විපක්ෂයේ සිට හොරු ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දූෂණ විරෝධී වැඩසටහන් රටේ අණපනත්වලට සීමා නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර වෙනස් කළ නොහැකි යාන්ත්‍රණයක් සකස් විය යුතු බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

එසේ දූෂණය පිටුදැකීම තුළ මෙරට විනාශ කළ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් අහිමි වූ සම්පත් දේපල ආදායම අප රටට ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර ඒ සඳහා සමගි ජන බලවේගය කැපවෙන බව විපක්ෂ නායකවරයා කියාසිටියි.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) කොළඹ හෝමාගම මීගොඩ ධර්මරාජ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 196 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

තමා මේ කතා කරන්නේ ඡන්ද මල්ල ගැන සිතා නොවන බවත් 41 ලක්ෂයක් දූදරුවන්ට සාධාරණයක් කිරීමට බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බංකොලොත්භාවයෙන් ගොඩ එන්න නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් මේ වෙනස දකින්න අකැමැති හොඳම දේ තමාගේ දරුවන්ට කියන ප්‍රතිපත්තියේ කටයුතු කරන උග්‍ර කොමියුනිස්ට් මාක්ස්වාදී අන්ත සමාජවාදී කණ්ඩායම් සජිත් ප්‍රේමදාසගේ ඉංග්‍රීසි භාෂා විජාතික අධිරාජ්‍යවාදී අධ්‍යාපනය හෙළා දකිමු යැයි ජනතාව පාරට බැස්සවිය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෙවැනි දේවල්වලට පොළඹවන්නේ මෙරට තුළ සිටින කයිය ගහන නායකයෝ බවත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාවල, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, පෞද්ගලික පාසල්වලට බවත් ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී රටේ සෙසු දරුවන්ට එම අධ්‍යාපනය ලබා දීම ජාති ද්‍රෝහී වැඩක් වී ඇති නිසා මේ යථාර්ථය අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් දූපත් මානසිකත්වයෙන් තවදුරටත් ඵලක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan